
(යොහාන් භාසුර)
හම්බන්තොට වරයාට එන දෙස් විදෙස් ආයෝජකයන්ට එකම ස්ථානයකින් සියලු පහසුකම් සැලසීමේ (සුහුරු) මධ්‍යස්ථානය හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ විවෘත කර ඇත.
රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවන් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය ස්ථාපනය කළ ආයෝජකයන්ට එකම ස්ථානයකදී කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් සහ අදාළ පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කාර්යාලය විවෘත කිරීමෙන් පසුව පැවසීය.
මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය වත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආයතන ගිවිසුමකට අස්සන් තැබීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
Reply To:
-
ලංකාවට ආයෝජකයෝ එන්නේ නැහැ. මම බිලියන 4 ඉන්වෙස්ට්මන්ට් එකක් කළා කටානේ... UDA එක පගාව ඉල්ලනවා. CEA එක පගාව ඉල්ලනවා. CEB එක ඉල්ලනවා. ලංකාවට කවදාවත් ආයෝජකයෝ එන්නේ නැහැ...
ඇත්ත. අල්ලස සහ දූෂණය ඉහළ සිට පහළටම තිබෙන ලංකාව වැනි රටකට හොඳ සිහියක් ඇති විදේශ ආයෝජකයින් එන්නේ නැහැ. ඔවුන්ට අද ආසියානු කලාපයේ ලංකාව හැර පහසුවෙන් ආයෝජනය කළහැකි රටවල් රාශියක් තිබෙනවා...
ඔබතුමා සියයට සියයක්ම හරි.. මේ වගේ ස්ථානවල අඅඩුවක් නෙමෙයි තියෙන්නේ. ආයතනවල සේවකයන්ගේ ආකල්පයි වෙනස් විය යුත්තේ...
මම ඔබතුමාගේ අදහසට සියයට සීයක්ම එකඟයි... මේ මොහොතේත් මා සමග විදේශීය ආයෝජකයෝ ලංකාවට ඇවිත් ඉන්නවා. හැමතැනම උඩඉඳන් පහළට කොමිස් ගැන විතරයි කතා කරන්නේ. වගකීමෙන් කියන්නේ මේ රටට ආයෝජකයෝ ගේන්න එපා... හැකිනම් වෙනරටකට ඒ අයව ගෙනියන්න.
ඔතනට උගත් ඉංග්‍රිසි දැනුම ඇති කෙනෙක් දැම්මනම් හොද නැදද