
(සුමිත් ප්‍රේමතිලක)
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූවාය.
ගෑස් සිලින්නඩර් මිළදී ගැනීම සඳහා විශාල පිරිසක් එම වෙළෙඳ සලට පැමිණ සිටි අතර , ඇයද එහි සිටිනු දක්නට ලැබුණි .
ගෑස් රැගත් ලොරිය පස්වරු 1.30 ට පමණ පැමිණි අතර , නියෝජිත මහතා වෙත නිකුත් කල ගෑස් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකිවිය.
"මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ" කියමින් ලොරියේ මග හරස් කර බිම වාඩිවී පැයකට ආසන්න කාලයක් ඇය විරෝධතාවයේ නිතර වූවාය.
විරෝධතාවය හේතුවෙන් එම පරිශ්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පැයකට ආසන්න කාලයක් ගෑස් රැගෙන ආ ලොරි රථය පිටව යාමට නොහැකිව රැඳී සිටින ලදී .
සිද්ධිය සැලවීමත් සමගම වාද්දුව පොලිසියේ නිලධාරී එම ස්ථානයට පැමිණි අතර, ගෑස් සිලින්ඩරයක් ලබාදෙන බවට ඇයට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් නැගී සිටියහ.
පසුව වෙළඳසඅල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් , ඇයට ලබාදීමට පොලීසිය කටයුතු කළේය.


COMMENTS
වීර කාන්තාවකි, ඇයට සුබ පතමු... පවතින තත්ත්වය මත තවත් එවැනි අය ඇතිවේවා...!!!
රටක් වැටිච්චි තැනක්... සෞභාග්‍යය ඉතිරෙනවා.
හැමදේකටම දේශපාලකයින් හෝ නිලධාරීන් පසුපස යන නිහීන සමාජය තුළ මෙවැනි කාන්තාවක් සිටීම විශ්මිතයි. තම අයිතිය සහ ඇයට කළ අසාධාරණය වෙනුවෙන් ඇය සටන් කළේ තනිවමයි. සමාජ දූෂණයට එරෙහිව සටන් කළ හැකි මෙවන් කාන්තාවන් තව තවත් බිහිවේවා. එතුමියට මගේ ආචාරය...!!!
"වෙළඳසල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් ඇයට ලබාදීමට පොලීසිය කටයුතු කළේය". ඉතින් කව්ද මේ හිඟය ඇති කරන්නේ?
අපිට නම් ගෑස් නැහැ... භූමිතෙල් නැහැ... දරත් නැහැ.. ශෙඩ් එකට භූමිතෙල් ගෙනාවත් හැමදාම භූමිතෙල් නැහැ... බෝඩ් එකක් එල්ලලා සිල්ලර කඩයෙන් ඇහුවාම කියන්නේ තෙල් ගහන කෙනාට අමතරව ගාස්තුවක් දුන්නොත් බෝඩ් එක අයිනට ගිහින් භූමිතෙල් පොම්ප වෙනවා කියලා... මේවා බලන්න කෙනෙක් නැද්ද?
කලබල වෙන්න එපා කාට හරි අරන් තියපු එකක් වෙන්න ඇති. ඔහොම ඒව වෙනවා. කඩ කාරයට එහෙම බැරිනම් කාටද පුළුවන්.
ඇයි ගෑස් සිලින්ඩරයකට සහනයක් දෙනව කිව්ව නේද?
බඩගින්නට අඩන දරුවන් වෙනුවෙන් මහ මග ගෑස් ලොරි වලට හාල් ලොරි වලට කිරිපිටි ලොරි වලට බෙල්ල තියන්න මේ රටේ ජනතාවට සිද්ධ වුනේ දේශපාලකයින්ගේ වරදින් නොවේ. අවුරුදු 70 ක් තිස්සේ පාටින් වෙනස් නම් වලින් වෙනස් අමනයින් දෙපිරිසක් මාරුවෙන් මාරුවට පත් කරගැනීමේ තකතීරු මෝඩකම් නිසාවෙනි. කරපු පවට දුක් විදින හැටි දැක දැක පරම්පරා කීයක් එකම වැරැද්ද කලාද? තව පරම්පරා කීයක් මේ වැරැද්ද කරනවාද? බත් කන බූරුවන්ට මේවා තේරෙයිද? එකෙක් හරි හැදෙයි කියලා සිතුනු නිසා ලිව්වා...
ගෑස් ලොරි ඉදිරිපිට ඉදගෙන ගෑස් ඉල්ලන තරමට රට බංකොලොත් වෙලා. ජනතාවගෙ මූලික අවශ්‍යතාවත් ඉටුකරන්න බැරි මේ ආණ්ඩුවට දැන් කරන්න තිබෙන්න ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් කෙනෙකුට භාරදීල ගෙදර යන එකයි.