(තරිඳු ජයවර්ධන සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් වැඩිදෙනකුගේ විශ්වාසය ඇති කෙනා බවත්, එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේ වරද වසා ගැනීමට විවිධ දේ පවසමින් සිටින බවත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29 වැනිදා) සවස පැවසීය. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශ කරමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
‘‘2015 වසරේදී ජනතාව ඡන්ද දුන්නේ රටේ දූෂණ නැති කරන්නයි. අගෝස්තු මහ මැතිවරණයෙන් පසු අගමැති ලෙස මා පත් වුණා . අපි කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් හැටියට.
අපි ස්වාධින කොමිෂන් සභා ඇති කළා. තොරතුරු පනත ගෙනවා. ජනමාධ්‍ය නිදහස ඇති කළා. මහපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. ඊයේ ජනාධිපතිවරයා මටත් කැබිනට් මණ්ඩලයටත් චෝදනා එල්ලා කළා. මං එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා.
ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශ්වාස වැඩියෙන් තියෙන කෙනාවයි. එහෙම නැතිව මහින්ද පත් කළා. දැන් වරද වහගන්න විවිධ දේ කියනවා. පොඩි ළමයෙකුවත් එහෙම කියන්නේ නෑ.
අපේ රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයට විසදුම් ඇත්තේ පාර්ලිමේන්තුව තුළයි. දේශපාලන පක්ෂ ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.
මේ තත්ත්වය රටට හොඳ නෑ. අපි අමාරුවෙන් පාලනය කරගෙන ආව ආර්ථිකය කඩා වැටීගෙන යනවා. එජාපය සහ අනික් පක්ෂත් ප්‍රජාතන්‍ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන්න කැමතියි.
ව්‍යස්ථා විරෝධී ඒකාධිපති පාලනයකට ඉඩ දෙන්නෙ නෑ ‘‘ යයිද වික්‍රමසිංහ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.







ඡායාරූප - චතුර එස් කොඩිකාර
COMMENTS
මේවා දකිද්දි හිනාව නවත්තගන්නත් බැහැ
2015 ජනවාරියේදී බහුතරයක් නැතිව ඔබ අගමැති වුණෙත් ජනාධිපතිගේ කැමැත්තට. ඇයි එතකොට ඒ දෙය වැරදියි නොකිව්වේ...?
ඉතින් මහත්තයෝ අඬඅඬ ඉන්නේ නැතුව යන්නකෝ අධිකරණයට.. එතකොට ඕකේ ඇත්ත නැත්ත බලාගන්න පුලුවන්නේ.. කෝ ඔබතුමා මහබැංකුව ගැන ඝාතන කුමන්ත්‍රණය ගැන වචනයක් වත් කතා කලේ නැහැනේ.. මේකේ කුලියට ලයික් දාන අයවත් ඒ ගැන පැහැදිලි කලොත් නරකද?
ඉක්මනටම මහ ඡන්දෙකට යමු. රටේ මිනිස්සු නිවැරදි තීරණය දෙයි. දැන් මේ නාඩගම් ඇති.
දැන් ඉතින් මහබැංකු කොල්ලයේ වරද පිළිඅරගෙන ජම්පර් එකක් අඳින්නට පුරුදු වෙන්න.
ඡන්දෙ ඉල්ලන්න පටන් ගත් දා ඉදන් පැරදෙනවා.
මහතානෙනි මහමැතිවරණයකට යමු. ඒක තමා නියම නිවැරදි තීරණය.
ඔය පාර්ලිමේන්තුවේ බහුතරයෙන් විධායක බලතල අතට අරගන්න ගිය එකෙන්නේ සේරම වුනේ? ඔබතුම කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරනවා, කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේක්ෂකයෝ ලැයිස්තුව හදනවා, ඒ අපේක්ෂකයෝ විධායක බලතල ඇති අගමැති ලෙස ඔබතුමාවම පත් කරනවා. එකට පාර්ලිමේන්තුවේ බහුතරය කියලා කියනවා. ඔය ක්‍රමයෙයි තමුන් තමුන්වම පත්කරගැනිමෙයි වෙනසක් තියෙනවද? ජනතාවට තමන්ගේ පාලකයා තෝරාගැනීමට ඇති අයිතිය එහෙන් මෙහෙන් වහෙන් ඔරෝ ක්‍රමයට කොල්ලකාලා රජවෙන්න යන එක රටේ සමහරකුට නොතේරුනාට අපටනම් තේරෙනවා. රටට වැඩක් කරන්න. ජනතාවගේ සිත් තුලට රිංගන්න.
බයියන්ට සිහින ගොඩයි.. !!!
සෑම් මහතා වෙත, 2015 ජනාධිපතිවරණය දිනපු වෙලාවේ රනිල්ව අගමැති කලේ සිරිසේන මහතා දිනුවට පසු පොදුජන පෙරමුණේ සිරිසේන ජනාධිපතිට සහයට අාපු 80 ට වඩා වැඩි මන්ත්‍රීවරු කණ්ඩායමකගේ සහයෝගය ඇතිව මුළු මන්ත්‍රී සංඛ්‍යාවකින් මින්ත්‍රීවරු 135 ට වඩා වැඩි ගණනකගේ කැමැත්ත ඇතිවයි. ඊට මසකට පසු අය වැය ඡන්දය ඉතාම වැඩි ඡන්ද ගණනකින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. එයින් පැහැදිලි වුණේ ඔහුට අාසන 135ට වඩා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහයෝගේ තිබුණු නිසයි. දැන් මහින්ද මහත්තයට ඒවගේ තියෙනවා නම් පාර්ලිමේන්තුව කල් දාලා මන්ත්‍රීවරු බිලිගන්නට වැඩ නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසා හරි තීරණය ගන්න බය අැයි?
පොඩි ළමයෙක් නොවෙයි මන්ද බුද්ධිකයෝ කියන කතා කියන්නේ. එයාට හැමදාම තියෙන්නේ මරබිය කාලයක්... එල්.ටී.ටී.ය තමන්ව ඝාතනය කරන්න හැදුව බව කිව්වා. තවත් වරක් රාජපක්ෂලා තමන්ව මරන්න සුදානම් වුනා කිව්වා. දැන් රනිල් තමන්ව ඝාතනය කරන්න හදන බවට චෝදනා කරන්නේ බල තන්හාවෙන් මනස විකෘතිවෙලා තියන නිසාවෙන්ය.
මෙයාට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ. මෙයා බලයට පත්වෙනකොට බහුතරයක් තිබ්බේ නැහැ. බලහත්කාරයෙන් වගේ පත්වීම ගත්තේ චන්ද්‍රිකාගේ උදව්වෙන්. මෛත්‍රිව දාගත්තේ ඡන්දෙ පරදින හින්දා...
රටට වෙනදේ ගැන තඹ දොයිතුවකට එකේක්වත් කට හේල්ලන්නේ නෑ. රනිල් කියනවා රටේ ප්‍රශ්නවලට විසදුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ ලූ. මං නම් කියන්නේ රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවම ඔය කට්ටිය කියලා. අනික පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය කටෙ තිබුණත් ඔබ ඇවිත් මේ රට කාපු කෑමට මේ රටේ ජනතාවට ඔබ ගැන විශ්වාසයක් නෑ. මං අනිත් කෙනා හොදයි කියන්නේ නෑ. ඒත් අපේ රටේ ළමයින්ටවත් ඉන්න රටක් ඉතුරු වෙන්න නම් ඔබ අදම ඉවත් විය යුතුයි. අනික අනපේක්ෂිත අයුරින් සිකුරාදා රෑ නව අගමැති දිවුරුම් දුන් පසු මිනිස්සු රතිඤ්ඤා දමමින් සතුට ප්‍රකාශ කල හැටි ඔබ දුටුවාද ඒ රතිඤ්ඤා පක්ෂ සංවිධායකයො ගෙනත් දුන් ඒවා නෙමෙයි ඒවා මිනිස්සු හදවතින්ම කරපු දේවල්. මිනිස්සුන්ගේ පීඩනය කොතරම්දැයි උගත් පුද්ගලයෙකු ලෙස එයින්වත් තේරුම් ගන්නට ඔබට බුද්ධියක් නැතිවෙන්නට බැරිය. කරන්නට තිබුණ වේලේ රට රටවල ඇවිද ඇමරිකවේ න්‍යාය පතුය ලංකාවේ දිගහැර කරගත් විනශයට දැං කරන්නට දෙයක් නැත.