IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


‘වැරදිකරු දුටු තැන දඬුවම් කළා නම් යළිත් ත්‍රස්තවාදයක් ඇතිවන්නේ නැහැ’


 
 
(ඩයනා උදයංගනී)
          
වැරදිකරුවා දුටු තැන ඔහුට දඬුවම් කිරීම කළා නම් යළිත් රට තුළ විනාශකාරී අන්තවාදී ත්‍රස්තවාදයක් ඇතිවන්නේ නැතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 

මෙවැනි දේවලදී දේශපාලන වාසි ගැනීම සුදුසු නැති නමුත් මෙම වරදකරුවන් ආරක්‍ෂා කරන්නට ඇත්තේ යම් දේශපාලන උවමනාවක් නිසාදැයි සිතෙන බවද විපක්‍ෂනායකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පවතින යථාර්ථයට මුහුණ දී රට තුළ සංහිඳියාව හා එකිනෙකා අතර සම්බන්ධතාව තහවුරු කරගැනීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන්ට සහය දෙන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (26) පැවති ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කැදවූ  විශේෂ සර්වආගමික හා සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමි, වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නා හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ආචාර්ය ඔස්වර්ල්ඩ් ගෝමිස් විශ්‍රාමික අගරදගුරුතුමන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, සාමි ගුණාතේනන්දා සරස්වතීතුමන්, හින්දු ආගමික පදනමේ සභාපති බාබු ශර්මා කුරුක්කල්තුමන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අල්ෂෙයින් එම්.අයි.එම් රිෆ්කි මුෆ්තිතුමන්, ෆාසිල් ෆාරුක් මවුලවිතුමන් ඇතුළු සර්ව ආගමික පූජකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඒ.එච්.එම් හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, සුසිල් ප්‍රේමරජයන්ත, ගාමිණි ලොකුගේ, එම්.ඒ සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, විජිත හේරත් යන මහත්ම මහත්මීන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (37)

‘වැරදිකරු දුටු තැන දඬුවම් කළා නම් යළිත් ත්‍රස්තවාදයක් ඇතිවන්නේ නැහැ’

පිටිගල මිලානෝ Friday, 26 April 2019 02:41 PM

ඔව් නේද..

:       0       0

OBathuma Friday, 26 April 2019 02:46 PM

දැන් වැරදි නොසොයා කළ යුතු දෙය ඔබතුමා පහදලා දෙන්න. එයයි අප ඔබතුමාගෙන් බලාපොරොත්තු වන්නේ..!!

:       1164       1231

ධනුෂ්කFriday, 26 April 2019 05:23 PM

වැරදිකරුට ඔය කියන විදියට දඬුවම් දුන්නනම් ඔබ තුමා තවමත් ජනපති. අනික දුටු තැන දඬුවම් දෙනවා කියවා කියන එක ටිකක් පැහැදිලි මදි. එහෙම කරන්න ගියොත් සමහර විට රතුපස්වල, කටුනායක හලාවත වගේ සිද්දි වෙන්න පුලුවන්.අහිංසකයොත් මැරෙන්න පුලුවන් එනිසා. කල යුත්තේ වැරදි කරන පුද්ගලයන් බිහි වන එක වැලැක්වීමයි.

:       0       0

AmaraSaturday, 27 April 2019 01:25 AM

වැරදි දැක දැකත් සම්මානත් දීලා තියෙන්නේ

:       0       0

NishanSaturday, 27 April 2019 01:35 AM

හැමෝගෙම කිල්ලෝටවල හුණු තිබේ.

:       0       0

කමල්Saturday, 27 April 2019 04:34 AM

කූට ලේඛණ වලින් ජනතාව නොමග යැවිමට දඩුවම් දෙන්න කියන්න දිව නැමෙන්නේ නැද්ද?

:       0       0

රොමේෂ් Friday, 26 April 2019 02:50 PM

කාටවත් කාට හෝ වරද පටවා තනිතනිව බේරෙන්න බැහැ. මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනෑ. දැනදැන මිනිස්සුන්ව ඝාතනය වීමට සලස්වන්න තරම් ඔක්කොම බලයට කෑදර වුණා. අනික් කාරණය තමයි එදා කාලයේ දඬුවම් කෙරුණු අයුරුත් අපි දැක්කා, ඊළඟ මැතිවරණයකදී ජනතාව නිවැරදිම තීන්දුව ගනීවි.

:       1275       2017

Ruwan Friday, 26 April 2019 02:51 PM

දැන්වත් එ්ක තේරුණු එක හොඳයි.. ඔබතුමා තමන්ගේ කියලා කට්ටිය බේරුවේ...

:       785       1463

Hafeel Friday, 26 April 2019 03:33 PM

සහතික ඇත්ත. ඉතිහාසයේ බලයට පත්වූ සේරම වැරදි හැංගුවා. මං ලඟත් ෆයිල් තියනවා කියලා පහුගිය මැතිවරණ වේදිකාවලත් කිව්වා නේද? ඇයි එදා දඬුවම් දෙන්න බැරිවුනේ? රොමේෂ් කිව්වා වගේ ඊළඟ ඡන්දයේ ජනතාව නිවැරදි තීන්දු ගතයුතුයි.

:       349       925

SamanFriday, 26 April 2019 04:14 PM

ඔව් ඔව් ජනතාව මීලඟ ඡන්දෙදි අන්තවාදී සුළු ජාතික පක්ෂ වලට විරුද්ධව නිවැරදි තීන්දුව දෙයි.

:       0       0

vipulaSaturday, 27 April 2019 03:25 AM

මොකක්ද? අපි ගන්න ඕනි නිවැරදි තීරණය .... අයෙත් වැඩබැරි ටාසන්ලා ටිකකට දෙන්නද ? අපි හරි පුදුම වෙලා ඉන්නේ ....

:       0       0

Thilak Friday, 26 April 2019 02:51 PM

ඇයි අර මල්වත්ත හාමුදුරුවෝ වැඩියෙ නැතෙයි...!!!

:       492       539

Pradeep Friday, 26 April 2019 02:54 PM

ආත්මශක්තියක් නැති නිවට නියාලු පාලකයන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද මහත්තයෝ..?

:       935       1239

sirimal Friday, 26 April 2019 03:09 PM

ඔය මොනවා කිව්වත් ඒකාලේ විල්පත්තුවේ ඉඩම් දුන්නේ, හිස්බුල්ලා එක්ක නැගෙනහිර හදන ෂරියා විශ්ව විද්‍යාලයට අවසර දුන්නේ දැන් ත්‍රස්තවාදීන් කියන සංවිධානය ආරම්භ කරන්න අතහිත දුන්නේ ඔබතුමාම නේද? අපි දැක්ක‍ා ඔබතුමා කියනවා බේරුවල මුස්ලිම් ජනතාව පදිංචි කරන්නට තාත්තා තමයි මුල් වුනේ කියලා. එතකොට අර බැසිල් මහත්තයා වන්නියේ දී කියන්නේ මුස්ලිම් පල්ලි 200ක් හදලා දුන්නා. එයා තමයි ඒ පළාතට ගිය පලවෙනි සිංහල බෞද්ධයා කියලා. ඒ කාලේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නැතුව ඇති නේද?

:       670       2218

chamath Friday, 26 April 2019 03:19 PM

මුළු ජාතියම නියම සිංහලයා ඉල්ලන්නේ ඔබතුමාව භාර ගන්න රට බේර දෙන්න මව්බිම

:       0       0

මාදව Friday, 26 April 2019 03:19 PM

ඉස්සර වගේද? ෆයිල් තියනව හොදේ කියල දුටු තැන දඩුවම් කරපු විදියට වෙන්න ඇති නේ.

:       0       0

V.warnakulasuriya Friday, 26 April 2019 03:30 PM

ත්‍රස්තවාදීන්ට වගේම රටේ සිටින දේශපාලන හොරුන්ටත් පමා නොවී ඔය කියන විදියට දඬුවම් ලබා දුන්නේ නම් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්ද මෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවෙනු ඇත.

:       0       0

Sapumal. Friday, 26 April 2019 03:33 PM

කතාව සහතික ඇත්ත.. වරදට නිසි දඬුවම් අවශ්‍යමයි. සරත් ෆොන්සේකාව පත් කරන්න එපා යයි ජනපතිට කියපු අර කව්දෝ හාමුදුරුවරුන් තිදෙනාත්, උසස් පොලිස් නිලධාරීන් තිදෙනාත්, මේ ව්‍යවසනයට වගකිව යුතුයි නේද?

:       127       696

chathuri Friday, 26 April 2019 03:45 PM

තමන්ගේ ගමෙන් මේ බෝම්බ කරුවෝ මේ මොහොතේදී අල්ලලා තියෙනවා... ඒ ගැන මොකද කියන්නේ? දන්නේ නැත්ද? දන්නවා නම් දඬුවම් දෙනවද? දැන්නම් සේරමලා අති විශේෂයන් විදියට කතා කරන්නේ. මෙහෙම මොළකරුවෝ ඉද්දිද.. මේ තරම් විනාශයක් වුනේ? මේවට කොහෙන් හිනහ වෙන්නද මන්දා...

:       734       911

ඈපාSaturday, 27 April 2019 01:45 AM

කොහෙද බෙලිඅත්තෙන් බෝම්බකරුවො අල්ලලා තියෙන්නෙ? අපි නම් එකම වගකිව යුතු මාධ්‍යයකවත් ඒ ගැන දැක්කෙ නෑ. නිකන් බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා.

:       0       0

kumaSaturday, 27 April 2019 02:47 AM

චතුරි මෝඩ කතා කියන්න එපා.. මහින්දගේ ගම පාලනය කරන්නෙත් වික්‍රමසිංහම තමයි ..

:       69       0

neil Friday, 26 April 2019 04:56 PM

ලැජ්ජයි පර්සි සීයේ,... කබල රත්වෙන වෙලාවේ රොටි පුච්චන්න හදනවා නේද?

:       0       0

Bamunuarachchi Friday, 26 April 2019 05:14 PM

වැරදි කරු දුටුවිට ඔහු හෝ ඇය මොන වෑන් රථයෙන් ගෙන්වාගත්තත් රටේ ජනතාවට කමක් නැත. එය සෙවීමෙන් ජනතාවට ඇති ඵලය කුමක්ද?

:       0       0

Chanak Los angeles Friday, 26 April 2019 07:45 PM

ඊට වැඩිය හොඳ යෝජනාවක් කියන්නම්.. වරද කරන පුද්ගලයාව දුවලා ගිහින් බදාගන්න එක...

:       0       0

assanga Friday, 26 April 2019 08:03 PM

හරියට හරි කතාව... ඉක්මනටම තාජුදීන් මරපු අයට දඬුවම් දෙන්න.

:       0       0

sam Friday, 26 April 2019 09:43 PM

මේ කියන්නේ සරත් ෆොන්සේකා මහතාට, ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එහෙම දඬුවම් දීපු ආකාරය ගැන නේද ??

:       0       0

Chanak Los angeles Saturday, 27 April 2019 02:31 AM

මේ දේසපාලකයන් භූක්ති විඳින මහා පරිමාන වරප්‍රසාද වලට අනුව ඔවුන්ගෙන් රටට සිදුවෙන්නේ ඉඳිකටු තුඩක තරමේ සේවයක් පමණි. මේ මහා ඛේදවාචකයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්කරවලා ඊට විසඳුම් හොයනවා වෙනුවට එක එක්කෙනාට ඇඟිලි දික්කරගෙන නාඩගම් නටන දේසපාලකයන් පිරිසක් ලංකාවේ ඉන්නේ ..

:       0       36

Dinesh Saturday, 27 April 2019 02:31 AM

කවදාවත් රටට ආදරය කරන පාලනයක් එයි කියලා හිතන්නවත් බෑ. ඔක්කොම එකයි. ත්‍රස්තවාදීන් මෙච්චර ක්‍රියාත්මක වෙනකම් මොනාද කරලා තියෙන්නේ.

:       0       20

Saththaya Saturday, 27 April 2019 02:55 AM

ලංකාවේ වරදකරුවන්ට දුටුතැන නෙමේ, පස්සෙවත් දඬුවම් කරන්න ලැබුණා නම්, මහජනතාව මෙච්චර අසරණ වෙන්නේ නැහැ. බොරුවෙන්, රැවටීම් වලින් අනාථ වෙන්නෙත් නැහැ...

:       0       24

Don Saturday, 27 April 2019 03:01 AM

එහෙනම් ජනාධිපතිවරණයකට ඉල්ලන්න කෙනෙක් ඉතිරිවන්නේ නෑ.

:       0       21

Roshan Saturday, 27 April 2019 03:54 AM

මෙවැනි අදහස් පල කරන සියලු දෙනාගෙන්ම පෙනී යන්නේ තවමත් පාට, පක්ෂ වලට අවනත වී සිටින බවයි.

:       0       91

Dilip Saturday, 27 April 2019 04:00 AM

මට නම් තිත්තයි... මෙයාලගේ කතා අහලා.

:       28       94

d.upul Saturday, 27 April 2019 05:02 AM

ඔබතුමාත් එදා එහෙම කළා නම් අදත් රටේ පාලකයා ඔබයි.

:       0       10

rohana kumara mendis Saturday, 27 April 2019 07:20 AM

ඒ කියන්නේ ඔබතුමාලා කළා වගේ... සුදුවෑන් වලින් හෝ ගිහිල්ලා වෙඩි තියලා මරාපල්ලා කියන එක....

:       146       177

BamunuarachchiSunday, 28 April 2019 12:24 AM

හරියට හරි විය යුත්තේ එයයි. එහෙම කලානම් මෙහෙම වෙන්නේ නැත. මොකද මෙන්ඩිස් බ්ලාපොරෝතුවෙන්නේ ත්‍රස්තයාව ගෙදර ගෙනල්ලා අනේ ත්‍රස්ත මල්ලි ඔය වැඩ හොඳ නැහැ කියලා ඔලුව අතගාලා කියන්නද.? ගොන් පාට් එපා හලෝ.

:       7       0

ravi Saturday, 27 April 2019 07:55 AM

වැරදි දුටුතැන දඬුවම් දෙන්න පටන ගන්නකොට.. පළිගන්නවෝ... පළිගන්නවෝ... කියලා කෑගහන්න පටන් ගත්තනේ..! මතකයි නේද?

:       151       266

BamunuarachchiSaturday, 27 April 2019 11:54 PM

62ක් අමනයෝ කරපුවා තමයි මේ අපි විඳවන්නේ. 2020 පස්සේ කොනක ඉඳන් සුද්දකරන්නම්.

:       16       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 184 0

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .


පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්
2025 ජනවාරි මස 14 715 0

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ


අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ
2025 ජනවාරි මස 14 490 0

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන


ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ
2025 ජනවාරි මස 14 1540 0

ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා


වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා
2025 ජනවාරි මස 14 506 0

රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳ


දිස්ත්‍රික්ක 5කට නාය අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 14 245 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 209 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 551 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site