(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා වසංගත තත්වය පැවැති 2020 වර්ෂයේදී පවත්වා ඇති වැඩ වර්ජන 28කින් මිනිස් දින විසි දෙදහස් පන් සිය අනූවක් (22,590) රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මිනිස් දිනයක් යනු එක් පුද්ගලයකු දෛනිකව කරන වැඩ රාජකාරි ප්‍රමාණයයි.
එම වර්ෂයේ පළමු කාර්තුවේදී වැඩවර්ජන පහක් සිදුවී ඇති අතර ඉන් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන 1480කි.
එසේම දෙවැනි කාර්තුවේදී වැඩ වර්ජන දහයක් පවත්වා ඇති බවත් ඉන් මිනිස් දින 4073ක් රටට අහිමි වී ඇති බවත් මහබැංකු වාර්තාවක දැක්වේ.
මෙයට අමතරව තුන්වැනි කාර්තුවේදී වැඩ වර්ජන එකොළහක් සිදු වී තිබෙන අතර ඉන් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන දහසය දහස් පන්සිය පනස් නවයකි.
එම වර්ෂයේ සිවුවැනි කාර්තුවේ දී වැඩවර්ජන දෙකක් සිදුවී ඇති අතර ඉන් අහිමිවූ මිනිස් දින ගණන 478කි.
මේ අතර 2019 වර්ෂයේදී වැඩ වර්ජන 25ක් සිදුවී ඇත .එමගින් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන පනස් හයදහස් පන් සිය දෙකකි.
COMMENTS
මේක හොඳ දත්තයක්. ඒ වගේම මහ බැංකුවට බැරිවෙයිද දන්නේ නෑ පහුගිය අවුරුදු 10 ට ගත්ත ණයයි ඒවායින් කරපු වැඩ ගැනයි විස්තරයක් දෙන්න
වර්ජනකාරයො නිසා රට යන්නෙ පස්සට. දියව් දියව් මිසක් තමන්ගෙන් විය යුතු සේවය ගැන වගක් නෑනෙ මේ අයට.