(හසිත රංග ගුණතිලක)
ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය දැනටමත් ක්‍රියාකර ඇතැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ලේදී අද(23) පැවසීය.
බත්තරමුල්ල සුහුරුපාය පිහිටි අමාත්‍යංශ සංකිර්ණ ශ්‍රවණාගාරයේ පැවති ‘ලක් රැකියා හරසර 2019’ සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම සම්මාන ප්‍රදානයේදී නිෂ්පාදන සහ සේවා අංශ වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමෙන් කැපී පෙනෙන සේවාවක් කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමිණි.
තරුණ පරපුර නිපුණත්වයෙන් ශක්තිමත් කර ලෝක ආර්තිකය තුළ ශ්‍රී ලංකාව ආදායම් ලබා ගත හැකි මධ්‍යස්ථානයක් බවට පත් කරන බවද ගුණවර්ධන මහතා කීය.
රටේ ආර්ථිකය නැංවීමට හැකියාවෙන් පිරිපුන් තරුණ පරපුරක් රටට අවශ්‍ය බවත්, තම රජයේ ප්‍රමුඛ අරමුණ වන්නේද මෙරට තරුණ පරපුර වෘත්තීමය අතින් සවිබල ගැන්වීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා මහබැංකුවේ නිල වෙබ් අඩවියට අනුව 2018 විරැකියා අනුපාතය 4.4%. 2000 ඉඳන් ගත්තම එ්ක වැඩිම වෙලා තියෙන්නේ 2002 (8.8%) ඊට පස්සේ දිගටම වගේ අඩු වෙලා එක දීර්ඝකාලීන ස්ථාවර අගයක් වෙච්ච 4-4.7% ගානකට ඇවිල්ල මට පේන විදියට... ඊට වඩා අඩු කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් තියනවා. මොකද ඔය රැකියා 45,000 වැඩපිළිවෙල සහ රැකියා දශලක්ෂයේ වැඩසටහන වගේ තේමා මීට කලිනුත් තිබ්බා. ඒවා ඔක්කෝටම රජයේ රැකියා තමයි වැඩිපුර බාරදුන්නේ. මාසෙකින් කිසිම සංවර්ධන වැඩපිළිවෙලක පටන් ගන්නේ නැතුව 4.4% වඩා අඩු කරනවා කියන්නේ පොඩි චකිතයක් තියනවා.
සක්කරයාගේ පුතා වයිමාවත් ඇවිල්ලද? 2500 කට පවුලකට මාසයක් කන්න පිළිවන් කිව්වේ මෙයා නේද?
මොනවා හරි කරලා රටේ පාරවල්ගානේ රස්තියාදුවෙන කොල්ලොයි ගෙවල්වලයි ෂොපින් සෙන්ටර් වලයි කාලෙ කන කෙල්ලොයි ටික රටේ ශ්‍රම බලකායට යොදවගතහැකි ආණ්ඩුවේ නොවෙන රැකියාවලට යොමු කරන්න. රජයේ රැකියා කියන්නේ පින් පඩි දීම විතරයි. හොඳින් හෝ නරකින් මෙය කල යුතුමයි.
මොකක්ද මේ විරැකියාව? වැඩක් කර ගන්න මිනිහෙක් හොයාගන්න නැහැ. දැනට රැකියා කරන මිනිස්සුත් හොයන්නේ රජයේ රැකියා... එ්කයි මේ විරැකියා කතාව...