IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමිකයේ ටැංකියක් මතට නැඟ පියවරු උපවාසයක

(අනීෂා මානගේ)

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් හය දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් අද(17) විද්‍යාලයේ ජල ටැංකිය පිහිටි කුලුන මතට නැඟ පියවරු සිවු දෙනකු උපවාසයක් ආරම්භ කළහ.
 
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දක්වමින් මෙලෙස පියවරු සිව් දෙනා වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාල භූමියේ ජල ටැංකිය පිහිටි අඩි හතළිහක් පමණ උසැති කුලුන මතට නැඟ උපවාසයක් ආරම්භ කළහ.
 
මාස නවයක කාලයක් තිස්සේ මෙම දරුවන් හය දෙනාට පාසලක් නොමැතිව පීඩා විඳිමින් සිටින බවද තම දරුවන් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරගන්නා තෙක් උපවාසයේ නිරත පියවරු එම උපවාසය අත්නොහරින බවද පැවසූහ.
 
උපවාසයේ නිතර පියවරුන්ට සමහ දක්වමින් දරුවන් කිහිප දෙනකු සිය මවුවරු සමඟ පාසල ඉදිරිපිට රැඳි සිටි ආකාරයද දක්නට හැකිවිය.

අප මේ සම්බන්ධයෙන් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩී.වසන්ත මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ  පැවසූයේය.

‘බඳවා ගැනීමේ චක්‍රලේඛනය අනුව දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ හැකියාව නැහැ. ආණ්ඩුකාරතුමාට ඉදිරිපත් කළ අභියාචනා සලකාබලා දරුවන් යම් ප්‍රමාණයක් බඳවා ගන්න අවසර ලබා දී තිබෙනවා. නීත්‍යනූකූලව ඒ දරුවන් බඳවාගෙන තිබෙනවා. පාසලට ඇතුළත් කර නොගත් දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.මේ සියලු දෙනාම පාසලට ඇතුළත් කරගැනීමේ හැකියාවක් නැහැ. උපවාසයේ නිරත පියවරුන්ගේ දරුවන්ට වඩා ඉහළ ලකුණු තිබෙන දරුවන් තව සිටිනවා යැයිද මෙය නිත්‍යානූකූලව ලබා දිය හැකි ඉල්ලීමක් නොවන බවද හෙතෙම පැවසීය. 

 



අදහස් (0)

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමිකයේ ටැංකියක් මතට නැඟ පියවරු උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site