(අනීෂා මානගේ)
වීරකැටිය බැදිගම ප්‍රදේශයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර කරමින් අද (17) ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී පවරා ගත් ඉඩම්වලට වන්දි ලබා නොදීම, නිවාසවලට ප්‍රවේශ මාර්ග අවහිර වීම, අධික දුහුවිල්ල පැවතීම ඇතුළු අපහසුතා රැසක් ඇති බව කියමින් ගම්වාසීහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
වීරකැටිය මැදගොඩ සහ මල්බෙරිම ගම්වාසීහු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර මොවුන් පැය එකහමාරක පමණ කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගය බැදිගම ගුවන් පාලම අසලින් අවහිර කළහ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පවරාගත් ඉඩම් වෙනුවට වන්දි සහ පොලී මුදල් ලබා නොදීම, බර වාහන ධාවනය කිරීම හේතුවෙන් ඇතිවන දුහුවිල්ල නිසා අවට නිවෙස්වල වාසය කිරීමට අපහසු වීම, වසර 5 කින් පමණ දුහුවිලි බද්ද නොගෙවීම, ඇතැම් නිවාසවල ප්‍රවේශ මාර්ග අවහිර වීම ආදී ගැටළු රාශියක් හේතුවෙන් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මංතීරු හතර ටයර් සහ ගල් යොදා අවහිර කළ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සහ දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිම්වල වාහන ධාවනය කිරීමට ඉඩ නොදුන්හ.



COMMENTS
ඕං මිනිස්සු ගැන හිතලා සංවර්ධනේ කරන හැටි.........................
ගෝඨා මහත්තයා ගිහිල්ලා මේක ඉවර කරලා දාන්න.
රටක සංවර්ධන ක්‍රියාවලි යනු අත්‍යවශ්‍ය කාරණාවකි. නමුත් සාමාන්‍ය වැසියන්ට හිංසා පීඩා වන අයුරින් කරනා සංවර්ධනයේ පලක් තියේවිද. ඔවුන්ගේ ගැටළු සැබෑ අයුරින් නොදැක ඔවුන්ට එරෙහිව හඩක් නැගීම නොවටී..