(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශයවල වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ නොසිටීමෙන් සිදුවූ වරදක් නිසා බව පිළිගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද(29) පැවසීය.
එසේ පරාජයට පත් වූ අමාත්‍යංශවල වැයශීර්ෂ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සංශෝධන සහිතව නැවත සම්මත කරගැනීමට කටයුතු කරන බැවින් එය ප්‍රශ්නයක් කරගත යුතු නැතැයිද අගමැතිවරයා කීය.
COMMENTS
ඡන්ද පරදින්නේ ඡන්දදායකයන් නොමැති වීමෙන්!
කොහොමත් ලගදීම යන්න බලාගෙන ඉන්න
රනිල් සර්, පාර්ලිමේන්තු ආපු නැති ඔක්කොටොම දඬුවම් කරන්න.
තමනුත් හයියෙන් ටොක්කක් ඇනගන්න.
රට ගැන ආදරයක් නැති අයට කොහොමත් ඔය වැඩේ ඕනේ නැති එකක් වෙන්න ඇති. එ්කනේ පාර්ලිමේන්තු නොයන්නේ...
සංශෝධන කරලා නැවත ඉදිරිපත් කරනවා කිව්වේ "ගහලා බඳිනවා කියන එක, බැඳලා ගහනවා කියලා" සංශෝධනය කරන එකද?
ඕක ඉතින් කියන්න දෙයක්යැ. මැතිවරණයේදීත් තමුන්නාන්සේ ඉල්ලුවොත් " මම පැරදුනේ මට මිනිස්සු ඡන්දෙ දුන්නේ නැති නිසා" කියලා ඔය වගේම උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඡන්දයකදී මන්ත්‍රීවරුන් කැඳවා ගැනීම ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලකගේ වගකීමක් කියලයි අපි නම් හිතුවේ. මේ තත්ත්වයට ආණ්ඩුව මුහුණ දුන්නේ ගයන්ත කරුණාතිලක තමන්ට පැවරී ඇති වගකීම පැහැර හැරීම නිසා බවයි අනිත් අය නම් කියන්නේ... පාර්ලිමේන්තුවේ ගයන්තගේ කාර්යාලයේ සේවය කරන බහුතරයක් පොහොට්ටු පාක්ෂිකයෝ කියලත් කියනවා. අනේ මන්දා.... අවුරුදු තුනක්ම පොල් ගාන්න වුනේ මොකද කියලා දැන් දැන් තේරිගෙන එනවා වගෙයි පෙනෙන්නේ. ඔන්න අර බෙරගහලා කංකාරි නටලා මුල්ගල් තිබ්බ හම්බන්තොට තෙල් පිරිපහදුව කෙරෙනවාද? නැද්ද? කියලා හරි වචනයක් කියන්න අඩුම ගානේ අවුරුද්දක්වත් යයි කියලා එ්කේ ඉන්දියානු ආයෝජකයා කියලා කියපු එකොර්ඩ් සමාගමේ සභාපති ජගත් රාක්ෂකන් කිව්වා කියලා අද රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ මේ කතාව දැක්ක ගමන් අපට කුලියාපිටියේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගැන මතක් වෙන්නේ මොකද කියලා... පව් අප්පා...!!!
වඳුරන්ට දැලි පිහි හම්බ වුණාම, කටුස්සාගේ කරේ රත්තරන් බැන්දහම,.. කැමති එකක් හිතාගන්න. පාර්ලිමේන්තුවේ ඉන්න රිලව් ටික කොහොමත් මේ රට අබ්බගාත කරලා ඉවරයි. මනාප ක්‍රමය තියෙන කල් ඡන්ද දායකයින්ගේ පරමාධිපත්‍ය තිබ්බත් නැහැ වගේ... දියවන්නාවට මිනිස්සු කැමති වුනත් නැතත් යන්නෙම මැට්ටෝ තමයි...
මට මතක් වෙන්නෙම "නරිය මිදී තිත්තයි" කිව්ව ප්‍රස්තා පිරුළු කතාවමයි.
පොඩිගේමක ප්‍රතිපලයක් බව කරුණාවෙන් සලකන්න.
දරු පරපුරක් හදාගන්න බැරි කෙනෙක්... වැරැද්ද තම ශරීරයේම කෑල්ලකට දානවා වගෙයි...