IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි එජාප නායකයා කියයි

අංජුල මහික වීරරත්න
 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනුත් අගමැති ඇමැති යනුවෙන් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන ගිය අයගෙනුත් දැන්වත් ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04 ) පැවසීය.

කාට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා  කරන්නට බැරි නම් තනතුරුවල සිටීමට අයිතියක් නැති බව කී වික්‍රමසිංහ මහතා සියලු දෙනා ව්‍යවස්ථාවත් ආරක්ෂා කරන්නට දිවුරුම් දී තිබෙන බව හොඳින් සිහි තබා ගත යුතු බවද සඳහන් කළේය.

ව්‍යවස්ථාවට පටහැනිව නොයෙක් ක්‍රියා කරන්නැයි කියන අය ව්‍යවස්ථා විරෝධීන් ලෙස පිළිගත යුතු බව කී වික්‍රමසිංහ මහතා නීතිය අනුව වැඩ කරන්නැයි රජයේ නිලධාරීන්ට  පවසන බව කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්ම අභියාචනාධිකරණ තීන්දුව අගය කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක

 

 



අදහස් (8)

ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි එජාප නායකයා කියයි

jayanath Tuesday, 04 December 2018 11:30 AM

ව්‍යවස්ථාව කඩ කලා කියල කව්ද දැන් තීන්දුව දීල තියෙන්නේ? තාවකාලික අත්හිටවීම් කියන්නේ අවසාන තීන්දුවද? දන්නේ නැති නිසයි අහන්නේ?

:       574       14

DD Tuesday, 04 December 2018 11:41 AM

මහබැංකුව කොල්ල කෑවෙත් ව්‍යවස්ථාවට අනුකූලවමද?

:       409       158

arachchi Tuesday, 04 December 2018 11:57 AM

ජනාධිපතිවරයාත් සදිසියේ පත්වූ අගමැති වරයාත් ක්‍රියා කරන්නේ රටේ ජනතවගේ ප්‍රජායිතිය සහ රටේ වියවස්තාව ගැන තැකීමක් නොකරන ඔවුන් දෙදෙනාට ප්‍රජ අයිතියක් තබා ගත හැකිද

:       100       519

Raveendra Tuesday, 04 December 2018 12:16 PM

මේ මහජන නියෝජිතයා ව්‍යවස්ථාව අනුවම වෙන්න ඇති අපේ ලේ කදුලින් උපයල තැන්පත් කල මුදල් තිබුන මහා බැංකුව සුද්ද කලේ ...? අනේ අපේ කට..... කරුණාකරලා කියන මේ උන්දැගෙ ආදරණිය මෑණියන්දට රටේ සියලුම පුරවැසියන් ඇයව බොහොම ආදරයෙන් නිතරම මතක් කරනවා කියල හොදේ....

:       743       213

Sanka Tuesday, 04 December 2018 12:48 PM

ඔබතුමාගේ අදහස රටේ සියලුම නීතිගරුක පුරවැසියන් එකහෙලාම අනුමැත කරනවා.මොකද නිතිය නැති කිසිම තැනක පිරිහීමක් මිස ලෝකය අපිව පිලිගන්න්නෙත් නැහැ.මේක පාලකයාගේ උත්තරීතර වගකීමද විය යුතුමය්.

:       82       175

චමින්ද Tuesday, 04 December 2018 01:56 PM

ජනාධිපති සමග සාකච්ඡාවෙදි 225 ම අත්සන් කලත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කිව්වනම් අධිකරණයට නොයන්නේ ඇයි

:       1       135

Jaya Tuesday, 04 December 2018 10:44 PM

අනේ මන්දා මුහුනුවලනම් බොහොම තෙති ගැන්මේ තත්වයක් තියෙන්නේ.

:       126       171

චන්ද්‍රා Wednesday, 05 December 2018 12:56 PM

ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාව කියවලා තේරුම් ගන්න පුළුවන් අයටනේ... ත්‍රස්තවාදීන්ට මොන ව්‍යවස්ථාද? දැන් මේ රටට නම හැදෙන්න පුළුවන් ශ්‍රී ලංකා ත්‍රස්තවාදී හොර රජය කියලා.

:       0       1429

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site