
(රංජන් කස්තුරි)
දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා ඇති ‘‘ප්‍රාණ‘‘ නැමැති ඖෂධය සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නංවන්නක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වි ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා පශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.
එම ඖෂධයට ශරීරයේ වේගයෙන් පැතිරෙන වයිරස් හා බැක්ටීරියා වැනි විෂබීජවලට එරෙහිව සටන් කර සිරුර ආරක්ෂා කිරීම සඳහා සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවක් තිබෙන බව ද ඒ මහතා කියයි.
සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ නැංවීම මගින් විවිධ වයිරස් රෝගවලින් ආරක්ෂා විය හැකි බව ද මහාචාර්යවරයා කියයි.
සමාජය තුළ වේගයෙන් පැතිරෙන විවිධ වයිරස් ප්‍රභේදවලින් ආරක්ෂාවීමට නම් සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නැංවීම අවශ්‍ය බව ද මහාචාර්ය ජයන්ත රජපක්ෂ මහතා කීය
ඒ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයේ වාර්තාව එළිදැක්වීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය රාජපක්ෂ මහතා මෙම කරුණු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර වෙදකම ඉගෙනගෙන ඉන්න මහත්වරුන් කළබළවෙයිද දන්නෙ නෑ.
මේ වගේ අය තමයි මිථ්‍යා පතුරුවන්න උදවු වෙන්නේ. මොනවා දැනගෙනද මේ විකාර කියවන්නේ...? ලෝකයේ ඉතාම පහළ මට්ටමේ ඇති ලංකාවේ විශ්ව විද්‍යාල වල මොන පර්යේෂණද? උගන්ඩාවේ තියනවා මීට වඩා හොඳ විශ්ව විද්‍යාල. මේ අය එක්කෝ නොදන්න මගුල් කතා කරනවා... නැත්නම් කඩේයනවා..
හොඳ උත්සාහයක්... ඔබ සැමට පින්... අපි දන්නවා දේශීය දේවල්වලට කිසිම ඉඩක් නැහැ කියලා. බාල්දිය අදියි අනිවාර්යයෙන්ම.... මොකද ඒ අයගේ ගෝලයෝ ඉන්නවනේ ලංකාවේ...
මේ බේත සත්තුන්ට හදපු එකක් නේද..?
ලෝකේ විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල අනිත් විද්වතුන්ගේ පරික්ෂාවට එවා ප්‍රසිද්ධ කරලා ඒ ගොල්ලන්ගේ නිගමනයනුත් පල කරනවා. ඒවා පිට රටට හොඳ වුණාට අපේ රටට හොඳ නැහැ.
රාජපක්ෂ කෙනෙක් එව්වා නම් ඒ පශු වෛද්‍ය එකේම තමයි ඉතින්. කීයක් හම්බ වුණාද දන්නෑ නේද?
නම මොකක්ද? මගේ පීනස අමාරුව නිට්ටාවට සුව වුණේ සිංහල වෙදකමෙන්...මේවට සුද්දෝ පුදුම වෙනවා....!!!
හැටනව ලක්ෂෙටම ගැලපෙන බේතක් වගෙයි.පශු වෛද්‍යය කෙනෙක්නෙ හොයන් තියෙන්නෙ
පැණි, මුට්ටි වගේ නාඩගම් හින්දා ඇත්ත දෙයක් වුණත් දැන් පිළිගන්න හිතෙන්නේ නෑ...
මෙයා තවත් එක්කෙනෙක්. මෙයාගේ විස්තර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඕනෑම කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන්.