
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අස්ථානයේ බිය නොකර, ඒ සඳහා වන අනතුරු ඇඟවීමකට තමන් සමඟ එක්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා සියලු රටවල්වලින් ඉල්ලා සිටී.
ඒ මහතා මේ බව පැවසුවේ, මියුනිච් නුවරදී පැවති සමුළුවකදීය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
''කොරෝනා වයිරසයෙන් වූ හානිය සලකනවිට, එහි බලපෑම කොයි දිශාවකට ගමන්කරාවිද කියලා අනාවැකි කියන්න බැරි තත්වයක තියෙන්නේ.
මුළු ලෝකයේ ම කාලය චීනය තමන් සතුකරගත්තා. අපි දන්නෙ නෑ තව කොතරම් කාලයක් චීනය අරගනීද කියලා.
මිනිස්සුන්ව අස්ථානයේ බය නොකර ඔවුන්ට වයිරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන්න කියලා අපි සියලු රටවල්, සමාගම් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා'' යැයිද කීය.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම අද(16) චීනය වෙත පැමිණීමට නියමිතය.
ඔවුන් පළමුව කොරෝනා වයිරසය පැතිර යාම ආරම්භ වූ වූහාන් වෙත යාමට නියමිතව ඇති අතර, පසුව අනෙකුත් නගර වෙත පැමිණ කටයුතු කරනු ඇති බව චීනයේ සෞඛ්‍ය කොමිසම සඳහන් කළේය.
මේ වනවිට වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1665 දක්වා ඉහළ ගොස් ඇති අතර, 68,000කට අධික පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.
(ඒඑෆ්පී/ වොෂින්ටන් පෝස්ට්)
16844
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වයිරසය ගැන ජනයා අස්ථානයේ බිය නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි