
(කේ බුද්ධික කුමාරසිරි)
රනින් සකසා ඇතැයි පවසා ව්‍යාජව සකස් කල (මරංචි) බෝල තොගයක් ගැණුම්කරුවන් රවටා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් හය දෙනෙකු සමගින් එම ව්‍යාජ රන් සැකසීමට උපයෝගී කරගත් උපකරණ අද (12) අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
තමන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවා ලබා ගත් රන් තොගයක් ව්‍යාජ රන් බව පවසමින් පුද්ගලයෙකු විසින් නවගමුව පොලිසියට සිදු කළ පැමිනිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
මෙලෙස ව්‍යාජ රන් බෝල අලෙවි කිරීමේ නිරත වූ ජාවාරමේ ප‍්‍රධාන සැකකරු බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ සැකසුම් බලපත‍්‍ර හිමි පුද්ගලයෙකු ගේද සහය ඇති දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව හා අතුරුගිරිය ප‍්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකුගේද සහය ඇතිව මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් එම සැකකරුවන් සියලු දෙනා පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
දෙහිඅත්තකණ්ඩිය මඩකළපුව පොතුවිල් ආදී ප‍්‍රදේශ රැසක පුද්ගලයින් වෙත මෙලෙස ව්‍යාජ රන් (මරංචි) විකිණීම සිදු කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාජ රන් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට