IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම්  වලින්  උපයාගත  නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි හැත්තෑ එකකට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හැත්තෑ එකකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.

2009 ජනවාරී මස පළමු වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති වාර්තා වල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

විනිසුරුවරයා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.

ඉදිරිපත් වූ කරුණු සළකා බලමින් ඊට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (6)

විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

Ruwan Monday, 14 January 2019 01:32 PM

මමත් මහින්දවාදියෙක් තමයි. නමුත් මේවා සහගහන අපරාධ... උපයාගත් ආකාරය පෙන්වීමට නොහැකිනම් සදාකල් දේශපාලනය තහනම් කර සියලු දේපල රාජසන්තක කර වසර 20ක වත් සිර දඬුවම් නියම කළ යුතුය. එවිට එය අනෙකුත් දේශපාලඥයන්ටද පාඩමක් වෙනු ඇත.

:       106       3104

pannikki Monday, 14 January 2019 01:47 PM

ආ... අපාරාදේ මූගෙන් කෝටියක් නෙමෙයි.. කෝටි සියයක් වන්දි ඉල්ලන්න තිබ්බා ටිල්වින්ට...

:       63       634

smn Monday, 14 January 2019 02:08 PM

වාචාල විමලෙට අනේ කාලේ වනේ වාසේ.

:       29       498

Amila Monday, 14 January 2019 02:31 PM

පොත් හොරෙක් විතරක් නෙමෙයි, බලන් ගියහම අල්ලසුත් අරන් වගේ... දැන් අඩු මිනීමැරීම් චෝදනාවක් විතරයි.

:       1       584

Chanak los angeles Monday, 14 January 2019 03:14 PM

මහජනයාගේ සල්ලි මෙහෙම හොරාකන්න පව් නැතිද ?

:       0       232

Jehaan Monday, 14 January 2019 07:25 PM

අඩු ගානේ රටේ සිවිල් නීතියවත් දන්නවාද ? පාස්පෝට් එකේ සිට පවුලේ උප්පැන්න සහතික දක්වා වංචා කරන මිනිස්සු වෙන රටවල නම් මෙලහකට හිරේ. උගත්තු රැකියා නැතිව වේලෙන රටේ සාපෙළ වත් නැති දේශපාලුවන්ව උඩ දාපු ඡන්ද දායකයට තමයි මඩු වලිගෙන් තලන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site