(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 06 කට එරෙහිව සංශෝධිත පැමිණල්ලක් ගොනුකිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කුරුදුවත්ත පොලීසිය වෙත නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව පුරෝගාමී විනිසුරුවරයා වූ රංග දිසානායක මහතා විසින් අධිකරණය වෙත යොමු කර තිබූ නඩු තින්දුව ප‍්‍රකාශයට පත් කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
මෙම සිද්ධියට අදාළව 2007 අංක 40 දරන මංමාවත පනත ප‍්‍රකාරව පළමු වැනි සැකකරුගේ සිට හයවැනි සැකකරු දක්වා චෝදනා සකස් කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු අනාවරණය වන බවට තින්දු කරමින් පුරෝගාමී විනිසුරුවරයා සිය තීන්දුවේ සදහන් කර තිබුණේ මෙම චූදිතයින් විරෝධතා පෙරහැරක් පවත්වා පොලිස් ආඥාපනතේ 74 (5) වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇති බවය.
ඒ අනුව, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, එම පෙරමුණේ මධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දසානායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියසිරි විජේනායක, බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න යන අයවලූන් සදහා එලෙස අධිකරණය හමුවේ පැමිණීල්ල ගොනුවිණී.
2025 දෙසැම්බර් මස 30
43
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
711
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විමල් ඇතුළු 06 කට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට නියෝග