
(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත්දා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පාස්කු ප්‍රහාරයේ නියම මහ මොළකරුවන් ආණ්ඩුවේ පාර්ශව සඟවන බවට මෙම ප්‍රකාශය මගින් ඒත්තු ගැන්වෙන බැවින් වහාම එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කර ඇත.
විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලා වහාම පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරුන් වන එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශාන්ත රත්නායක


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.