IMG-LOGO

වමත් පිතිකරුගේ අතවර සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා

(යොහාන් භාසුර)

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බවට හෙළිවූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම සිද්ධියට අදාල ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ ස`දහන්ව ඇති බව එම නිලධාරියා කියයි.

අදාල ක‍්‍රීඩකයා ඔහුගේම ප‍්‍රකාශයට අස්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් බලකිරීමෙන් පසුව අස්සන ලබාගැනීමට හැකි වූ බවත් එම නිලධාරියා කීය.

චෝදනා ලාභී ක‍්‍රීඩකයා අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

 



අදහස් (12)

වමත් පිතිකරුගේ අතවර සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා

මුණසිංහ Wednesday, 21 April 2021 01:43 AM

එයා එච්චර ප්‍රබල වු‍ණේ කොහොමද? නම ප්‍රසිද්ධ කරන්න. බොරුවක් නොවෙයි නේ. අපහාසයකුත් නොවෙයි.

:       0       19

Bamunuarachchi Wednesday, 21 April 2021 02:04 AM

මේ හාදයාගේ ( අනංග වැඩවලට ) එතනදීම බෙදුවානම් අන්න සී.සී.ටී.වී. දර්ශනවල තියෙන්නේ තිබුනා. මොවුන් හිතාගෙන ඉන්න ක්‍රිකට් ගහපු පලියට රටේ කෙල්ලෝ මොවුන් පස්සේ එනවා කියලා. මේවගේ අනංග වැඩ කරපු එවුන්ගේ නම් පරිසම් කරන්නේ මොකටද? තවත් කුපිඩ් වැඩ වලට සහයෝගය දෙන්නද?

:       1       26

RaveendraWednesday, 21 April 2021 07:50 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය. "මුට" නෙලන්න තිබුනේ එම අවස්ථාවේදීම "දකුණත්" පිතිකරුවෙකු වෙනකම්ම.

:       1       14

Nihal Wednesday, 21 April 2021 02:13 AM

ජීවත් වෙන්න සුදුසුම රට මෙය නොවේද?

:       2       14

krishantha Wednesday, 21 April 2021 02:56 AM

බල කරලා ප්‍රකාශ අරන් වැඩක් තියනවාද? මේ නඩුවත් ඉවරයි වගේ....

:       0       16

Jagath Santhi Kumarakittuwa Wednesday, 21 April 2021 03:49 AM

අපරාදේ ඔය වගේ දේවල් සීසීටිවී වලට අහුවෙන්නේ නෑ කියලා දන්නේම නැද්ද? අනේ

:       0       19

සෙනෙවිරත්න Wednesday, 21 April 2021 04:06 AM

වින්දිතයන්ගේ සාක්ෂි නැද්ද ? ක්‍රිඩකයා කියාවිද තමන්ගේ වැරැද්ද ? සී සී ටී වී මැකුනේ මොකද?

:       0       23

thushara Wednesday, 21 April 2021 04:16 AM

ඔයානම් ඡන්දේ ඉල්ලන්නත් සුදුසුයි අම්මපා..

:       0       24

Raveendra Wednesday, 21 April 2021 04:44 AM

"ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බවට හෙළිවූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය." මෙම වාක්‍ය හා "එම සිද්ධියට අදාළ ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ සඳහන්ව ඇති බව එම නිලධාරියා කියයි". වාක්‍ය මගින් මහජනතාවට මොහු පිළිබඳව පැහැදිලි අදහසක් ගොඩනැගෙන බව කිව යුතුය. ඇත්තෙන්ම මොහු සම්බන්ධ නොමැති නම් මොහුට ද අභීයෝග කිරීමට තිබුණා නොවේද අදාළ සිසිටිවී කැමරා පරික්ෂා කරන්න කියා... එබැවින් කෙසෙල් කැන ඉස්සර වුවා නොවේද ? පැරණි කියමනක් තිබෙනවා මොනතරම් "දක්ෂයෙක්" වුවත් ,මොනතරම් "උගතෙක්" වුවත් විනයක් හික්මීමක් නොමැති නම් "එකා" උතුරා යන අසුචි වලකට සමාන බව..

:       0       31

damith Wednesday, 21 April 2021 05:19 AM

සාමාන්‍ය කෙනෙකුගේ නම් හරි වැරැද්ද හොයන්න කලින් මුළු ජාතකේම එළියට දාලා මේ වෙනකොට

:       0       27

ලුම්බිණි Wednesday, 21 April 2021 05:24 AM

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට ලංකාවේදී වැරදිවල දඬුවම් නැති බව යළිත් වරක් තහවුරු වෙනවා.

:       0       21

de silva Thursday, 22 April 2021 06:00 AM

පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ ක්‍රිකට් පාලක මණ්ඩලය කරපු දේවල් දැක්කාම මොවුන් පගාව අරන් පරදින බවට විශාල සැකයක් ඇතිවෙනවා. දැනට අවුරුදු කිහිපයකට පෙර ලෝකයේ පළමු තුන්දෙනා අතර සිටි අපට අද බංගලාදේශ සමඟ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිම කරන එක අද මහමෙරක් වෙලා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 440 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site