(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විවිධ රථ පෙළපාලියකින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට අද (22) පැමිණියහ.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්‍යාලය අසලින් පෙරවරු 9.00ට පමණ රැස්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා ප්‍රවාහන ගැටලු නිරූපණය කරන ආකාරයට රටේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන යතුරුපැදි, ත්‍රී රෝද රථ, පාසල් වෑන් රථ, මගී බස් රථ, ඩෝසර්, ලොරි රථ ආදියේ නැග මෙලෙස විරෝධය පළ කරමින් පැමිණියේය. එහිදී ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කළහ.
තෙල් මිල අහසට ජනතාව වලපල්ලට,දැන් සැපද, දුව මිතුර දුවමු කරේ තියන් දුවමු, ආණ්ඩුව මාරයි දුවලා හමාරයි යන විරෝධතාපුවරු එහිදී රථවල ප්‍රදර්ශනය කර තිබිණ.
විරෝධතා රථ පෙළපාලිය පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණීමෙන් අනතුරුව මන්ත්‍රීවරු රථවලින් බැස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක ද නිරත වූහ.
අනතුරුව ඔවුහු පාර්ලිමේන්තු පිවිසුම දක්වාම විරෝධතා පා ගමනින් පැමිණියහ.
මෙම විරෝධතාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බන්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, තුෂාර ඉඳුනිල් අමරසේන, ජේ. සී අලවතුවල, නලීන් බණ්ඩාර, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විහිළු ඇති වෙලා. අරයල වැඩි කලාම මෙයාල, මෙයාල වැඩි කලාම අරයල, දෙගොල්ලන්ම වැඩි කරනව. අහන්න සජිත් බලය ගත්තොත් තෙල් මිල අඩු කරන්නෙ නැද්දැ කියල කිසිම දවසක? ක්‍රමය වෙනසක් නොවී මූණ මාරු උනහම ඔහොම තමයි.
අවුරුදු 73 ක්ම අපි සැපයෙන් සිටිමු.. පොඩි වෙනසකට තියෙන්නේ එදා බක්කි කරත්ත සහ පාපැදිවල ගිය අය අද රාජකීයයන් වශයෙන් දකින්නෙමු. අද මෙහෙම යන අය තව කලකදී පාලකයින් වශයෙන් දකින්නට හැකිවෙයි. ඇත්ත වෙනස රට වලපල්ලට යාම පමණි. බොරුවෙන් බඩවියත රැකගන්න මේ පාර්ශවයන් ගැන ඇත්තේ පිළිකුලකි...