IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


විපක්ෂ නායක යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන්   අතර විශේෂ හමුවක් පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(27) පැවැත්විණි.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු,ඉතාලි තානාපතිනි රීටා ගුයිලානා, ජර්මන් තානාපති හොල්ගර් සූබර්ට්, රොමේනියානු තානාපති වික්ටර් චුඩෙයා යන රාජතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

මෙම ව්‍යසනය කළමනාකරණයේ දී ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය .

ආණ්ඩුව විසින් දියත්කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.

 



අදහස් (16)

විපක්ෂ නායක යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් හමුවෙයි

siri Tuesday, 27 April 2021 08:20 AM

කේලම් කීයක් කීවද?

:       21       22

සෙනෙවිරත්න Tuesday, 27 April 2021 08:59 AM

කේලම් අහන්න මේ තානාපතිවරු බබ්බුද? වෙන කාට කියන්නද? ගෝඨාභයට අමතක වෙලා මානව හිමිකම් සමුළුවේ තීරණ අනුව ඇපමත සිටින රටක් බව... පාර්ලිමේන්තුවේදි තගාලා දාලා තර්ජනය කිරීම, ප්‍රජා අයිතිය අහෝ්සිකරන බවට තර්ජනය කිරීම, අල්ලස් නඩු වලින් ගජ මිතුරන් නිදහස් කර අධිකරණය හෑල්ලු කිරීම, මේවා කරන්න නොවේ... මෙතුමා බලයට ආවේ...

:       14       20

සේනානායක Tuesday, 27 April 2021 09:29 AM

ඔව් ඔව්.., මානව හිමිකම් එකේ ඇප දීලා තියෙන්නේ තමුන්ලා වගේ කුහකයින් ඉන්න රටක් කොටි ත්‍රස්තයින්ගෙන් බේරගන්න ගිහින් නොවේ. රාජපක්ෂ සුදුවෑන් අරන් ගිහින් ප්‍රභාකරන් උස්සගෙන ගියපු හින්දා... ගිහින් බලන්න හිමිකම් කොමිසමේ චෝදනා ටික... කවුද සාක්ෂි දීලා තියෙන්නේ කියලා අහන්නකෝ. ලැජ්ජයි...!!! 

:       12       7

ChinthakaTuesday, 27 April 2021 10:17 AM

තගාලා දම්මලා රට පාලනය කෙරුවේ මේ පුතාගේ තාත්තා 88/89 කාලේ. අනෙක රවී කරුණානායකව ඩොලර් වංචා නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරුවා යහපාලන ආණ්ඩුව ඇවිත් මාසෙන්... ඒවා අධිකරණය හෑල්ලු කිරීම් නොවේ නේද?

:       7       8

පොඩි මල්ලි Tuesday, 27 April 2021 08:46 AM

අරවා නෑ, මේවා නෑ කියලා කියනවා.. ඔය දෙගොල්ලන්ම නේද දැන් දශක 4ක් විතර රට කරන්නේ...? ඔයත් හිටියනේ මහත්තයෝ ආණ්ඩු කීපයක ඇමැති කෙනෙක් වෙලා... දැක්කේ නැද්ද ඉස්පිරිතාලවල තිබෙන ඇඳන් වල හැටි? ඔයාලා ඔක්කොම තමන්ගේ වාසියට පමණයි..

:       3       21

යාපා Tuesday, 27 April 2021 09:38 AM

තානාපතිවරු හිතනවා ඇති අනිවාර්යයෙන්ම මේ වගේ විපක්ෂ නායකයෙක් ඉන්න රටකට ඉතින් අබසරණයි කියලා

:       12       11

hasitha rajakaruna Tuesday, 27 April 2021 10:18 AM

ගෝඨාභයට උදව්වට පුතාණෝ වැඩ කරලා දෙයි. හැමදාම මස්කට්ට තමයි මෙයාට...

:       2       3

fairoos Tuesday, 27 April 2021 10:20 AM

වහල්ලු කොහොමත් සර් පාස් කියලා තමයි කියන්නේ.. සිරිසේනත් එකයි, නන්දසේනත් එකයි.

:       6       11

රවීන්ද්‍ර Tuesday, 27 April 2021 10:53 AM

වෙන්න ජනාධිපති කෙනෙක්. සිංහලයන් ගැන වඩාත් හොඳින් ඔවුන් අවබෝධ කර ගත් අවස්ථාවක්.

:       1       3

nimal Tuesday, 27 April 2021 10:56 AM

නුදුරේදීම සජිත් අගමැතිවන නිසා ඔහුට සහයෝගය දෙන මෙන් තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

:       2       3

Nihal Tuesday, 27 April 2021 11:34 AM

තරුණයන් 76000ට ස්ථීර රැකියා දුන්නා අද වගේ මතකයි. ඔබත් එහෙම කරයි කියලා රටේ විශ්වාසයක් තියෙනවා.

:       4       1

NihalTuesday, 27 April 2021 02:58 PM

ඔබගේ පියා 1989දී තරුණයන් 78000කට පමණ ස්ථිර රැකියා දුන්නා අද වගේ මතකයි.

:       0       1

de silva Tuesday, 27 April 2021 11:41 AM

කතානායක හැසිරෙන්නේ හරියට කෝපි කඩේ මුදලාලි වගේ.. පාර්ලිමේන්තුවේ දෙයක් කතාකරලා බේරගන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා ගහගන්න එනවා. යුරෝපා සංගමයටවත් කියලා බලමු.. ඒකත් හරියන්නේ නැතිනම් අර 80 දශකයේ අගභාගයේ මහින්ද මහත්තයා කළ විදිහට ජිනීවා වත් යන්න.

:       3       4

රත්නායක Tuesday, 27 April 2021 12:11 PM

මේ තානාපතිවරු ලෝකයේ ශක්තිමත්ම රටවල අය. ඒ අය මේ ප්‍රශ්න ඒ ඒ රටවලට දන්වනවා. අපේ රට මුළු ලෝකෙන්ම කොන්වෙලා තියෙන මිනීමරුවන්ගේ රටක් බව දැන් ලෝකෙම දන්නවා. කෙසේවෙතත් මේ ප්‍රශ්න සියල්ලම ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවසන් තීන්දු තීරණ ගැනීමට උපකාරී වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපේ රටට ඉන්ධන ප්‍රවාහනයට සම්බාධකයක් දැම්මොත් සාටකයේ එල්ලිලා මැරෙන්න වෙන්නේ.

:       2       2

Sri Lanka Tuesday, 27 April 2021 02:03 PM

අනිවාර්යයෙන්ම බටහිර ලොක්කෝ කියන්න ඇති කොරෝනා බොරුව හොඳට වැඩිදියුණු කරන්න කියලා... මොකද අපේ සල්ලි නිකන්ම අදිනවා බටහිර රටවලට කොරෝනා බොරුව හරහා... කලින් සල්ලි හෙව්වේ ආයුධ විකුණලා. දැන් කොරෝනා විකුණලා. හරි.., ඔහොම කරගෙන යං....

:       2       0

Bamunuarachchi Wednesday, 28 April 2021 01:01 AM

රජය පෙරලලා දෙන්න කියන්න වෙන්න ඇති නැතිනම් රෑට ජනතාවගේ සුවදුක් බලන්න යන්න නයිට් විෂන් උපකරණ ඉල්ලන්න වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30206 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12299 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 774 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site