(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) කොවීඩ් එන්නත ලබාගැනීමට කටයුතු කළේය.
වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බව විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරනු ලැබීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල කොවීඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනු ලැබීය.
“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි. යනුවෙන් කොවීඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ජෝක් නොදා ඕක පළමු අවස්ථාවේ කරගත්තා නම් ඉවරයිනේ. රටටම එන්නත් ගහනකම් ඉන්නවා කිව්වා. මැරෙන්න ගියත් ගහන් නෑ කීවා.
ඒක හොඳයි ... ආරක්ෂාවක් නැහැ
කෝවිඩ්-19 එන්නත නොගන්න අය වර්ග තුනක් ඉන්නවා කියලා වෛද්‍ය චන්න ජයසුමන මෙන්න මෙහෙම කිව්වා " ඉන්ජෙක්ෂන් විදිනවට බය අය , තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න අය සහ මොලේ අමාරු කාරයො" දැන් අපේ වි .නායකතුමාට ඕවා අදාළ නැහැ.
ඇයි කිව්වා නේද රටේ ජනතාව ඔක්කොටම දුන්නාට පස්සේ තමයි මම ගන්නේ කියලා. ඕකට තමයි කියන්නේ් කටමැත දොඩවනවා කියලා. පණ්ඩිත කතා කියලා ජනතාව රැවැට්ටුවා.
රටේ සියලුම පුරවැසියන්ට එන්නත් ලබාදුන් පසුවම පමණක් මම එන්නත ලබාගන්නවා කියලා" ගෙඹ් රජෙක් උම්බෑ" කියමින් නද දුන්නා වගේ මතකයි.. අනේ මන්දා.. දැන් හාදයා ලී කැටයම් කලාවට අමතරව කොන්ක්‍රීට් වලින් කැටයම් කලාව ප්‍රගුණ කරලා නේද..?
අන්තිම පුරවැසියාටත් ඉන්ජෙක්ෂන් එක ගහල ඉවරද දෙවියනේ .මම හිතුවේ තව ලක්ෂ ගණනකට ගහන්න තියනවා කියලා .ආණ්ඩුව පනත් ගෙනල්ලා අකුලා ගන්නවා වගේ ඔබතුමාත් කියන දේවල් ආපහු ගන්නවා .ඔබ තුමාට තෙරුවන් සරණයි
අපරාදේ .රටේ අන්තිම පුරවැසියාට එන්නත ලබා දෙනකම් ඉන්නවා කිවුවා නේද ගහ ගන්න .ඇයි ඉක්මන් උනේ ?
සියලු සත්වයෝ මරණයට බිය වන්නාහු ය.
වැක්සින් ගැහුවා කියල පත්තරේ දාන්නේ වැක්සින් ප්‍රවර්ධනය කරන්නද
මම හිතුවේ මෙයා අපිට කියපු බෙහෙත බොනවා ඇති... නැතිනම් පැණිය බොනවා ඇති කියලා...