
(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නැගී ඇතැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කොළඹ දී අද (04) පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස තිබෙන දේශපාලන පසුබිම ආදිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය වඩ වඩාත් පැනනගිමින් තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් රටට සුබදායක නොවන බව තමන් විශ්වාසය බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.
රජය පොරොන්දු වූ පරිදි පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන තෙක් කාදිනල්තුමන් ප්‍රමුඛ කතෝලික ජනතාව විමසිල්ලෙන් සිටින බව ආණ්ඩුව අමතක නොකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ රජයක් තුළින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එහි මහ මොල කරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
වැඩේ සිද්ධ වුණේ පුතානෝලා බලයේ ඉන්නකොට කියලා දෙන්නටම අමතක වෙලා වෙන්ටෑ.
බෝම්බෙ ගහපුවෙලේ තිබ්බ ආන්ඩුවේ ප්‍රබල ඇමතියෙක් නේද මේ.
අනේ සජි මල්ලියේ... මලය කාදිනල් තුමාව මුණගැසීමට ගියේ රෙදි කඩමල්ලක් ඇගේ ඔතාගෙනද ? නැතිනම් උපන් ඇදුමෙන්ද ?
ඒත් ඒ කාලෙම ඔය පරීක්ෂණය කරන්න තිබුනනේ.
කාර්දිනල් තුමා මේ දවස් වල කියන දේ වලට මෙතුම හිතන්න ඇති " අපටත් ගොඩ යන්න, කාර්දිනල් තුමාට ලං වෙලා කියන කතාවලට ( රසායනික) පෝර දාන්න ඕන කියල..
මේ දෙන්නම ඉපදිලා තියෙන්නේ 2021. අනේද කියන්නේ.
බළල් අත් දෙකක් සාකච්ඡා කරති
බොර දියේ මාලු බෑම.
කාදිනල් තුමා එකපාරටම ඉස්සරහට යන්න එපා.
ලංකාවේ මිනිස්සුන්ගේ කුහක අදහස්වලින් ඉතා පැහැදිලියි...
මෙතන සමහරු කමෙන්ට්ස් දාලා තියෙනවා... එතුමාගේ ආණ්ඩුව කාලේ කියලා... ඒත් සියලු බලතල තිබුණේ එවකට හිටපු ජනපති අත බවත්, ඔහු එවකට තිබූ ආණ්ඩුවට විරුද්ධව කළේ මොනවද කියලත් අර දින 52 ආණ්ඩුව ගැන සිහි කරන්න බයිලා ගහන බයියන් ටික...
කමෙන්ට්ස් දැක්කාම තාමත් වහල්ලු ඉන්නවා කියලා දැනෙනවා...
ඔය දෙගොල්ලොම ඔබතුමාව අන්දන්න හදන්නේ. කාදිනල් තුමා ඔබතුමා මේ පාර ඡන්දේ ඉල්ලන්න ජනාධිපති වෙනවා.
ඔබ වහන්සේ ප්‍රවේසම් වෙන්න .