පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට බාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයකු හෝ පොහොර ඇමතිවරයකු කුමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රශ්න කළේය.
පොහොර බෙදා ගන්නට බැරි ආණ්ඩුව එය හමුදාපතිවරයාට බාර දෙන නමුත් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඇමතිවරුන් නඩත්තු වීම මොන තරම් අපරාධයක්දැ යි පැවසූ විපක්ෂ නායකවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයාත්,පොහොර අමාත්‍යවරයාත්, සියලු නිලධාරිනුත් අසාර්ථක බව යැයි පැවසීය.
ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති බවත්,එහෙත් තමන්ට රාජ නිලධාරීන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා කළ යුතු වන්නේ මනා කළමනාකාරීත්වයකින් ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීම බව ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ බූන්දල ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී චන්ද්‍රාලෝක ලක්ෂ 25 වියදමින් ඉදිකළ දහම් පාසැල් ගොඩනැගිල්ල විවෘත කරමින් විපක්ෂ නායකයා මේ බව පැවැසීය.
COMMENTS
ඇමැතිගේ ගෝලයෝ ඕකෙනුත් හොරාකනවනේ.. ඒකයි..!
සාර්ථකයි..!
දහම් පාසලක් විවෘත කරන්න කියන කතාවට මාතෘකාව ලෙස පෝර බෙදාහැරීම තෝරාගත්තේ උස්මිටිකම් බලලා වගෙයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ඔබ නිවැරදියි.