IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විපක්ෂයේ මන්ත්‍රිවරු ජනපතිගේ තේ පැන් එපා කියති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමුත්තන් සඳහා ලබාදුන් තේ පැන් සංග්‍රහය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇත.

මෙම තේ පැන් සංග්‍රහය ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදීය. තේ පැන් සංග්‍රහය වර්ජනය කළ සෙසු දේශපාලන පක්ෂ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ  දෙමළ ජාතික සන්ධානයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කිසිවක් ඉදිරිපත් නොකෙරුණ හෙයින් ජනතාවගේ පැත්තෙන් සිතා එම තේ පැන් සංග්‍රහය වර්ජනය කළ බවයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදු ප්‍රකාශනයක් පමණක්වූ බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ තම පක්ෂය එම තේ පැන් සංග්‍රහයට සහභාගී නොවීමට තීරණය කළ බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත්  නොකෙරුණු හෙයින් තේ පැන් සංග්‍රහය වර්ජනය කළ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා  ප්‍රකාශ කළේය.



අදහස් (13)

විපක්ෂයේ මන්ත්‍රිවරු ජනපතිගේ තේ පැන් එපා කියති

WCA Tuesday, 18 January 2022 10:17 PM

තේ එක නැවත්තුවට මුන් කන එකත් ජනතාවගේ පැත්තෙන් හිතල නැවත්තුවොත් පිළිගන්නම් ඇත්තටම ජනතාව ගැන හිතල කලා කියල

:       0       10

Raveendra Tuesday, 18 January 2022 10:37 PM

අනේ තොපි මන්දබුද්ධිකයෝ 226ම කවදාද කියන්නේ මහජන මුදලින් ගෙවන කිසිදු දීමනාවක් එපා, අපිට වැටුප් එපා,තීරු බදු වාහන එපා අර දීමන එපා, මෙ දිමනා එපා.....අඩු තරමින් විපක්ෂේ "තොපි මීහරක්" ටිකවත් එය කියපිය බලන්න නිකමටවත් මහජනතාවට අහන්න ආසයි. මේ නිකන් තේ පැන් සංග්‍රහය වර්ජනයේ කලේ ලකුණු දාගන්නද බොල නොදකින් තොපි මලපෙරේතයන් 226ක්...

:       4       7

Chandima Wednesday, 19 January 2022 06:32 AM

සංදර්ශන කියන්නේ මේවාට

:       3       5

යෝගා Wednesday, 19 January 2022 07:53 AM

කාර් පර්මිට් දෙනවා කිව්වා නම් එන්නෙ පැනගෙන...

:       5       8

Hafeel Wednesday, 19 January 2022 12:52 PM

ඒකට මේ දෙගොල්ලන්ම සහ දෙමළ සන්ධානයත් එකඟයි.

:       0       3

sharm warn Wednesday, 19 January 2022 09:26 AM

ආහ්... හොඳ ආරම්භයක්... ඔහොම යන්න. මීට වඩා තදින් ඉන්න.

:       4       8

BamunuarachchiThursday, 20 January 2022 08:58 AM

කැන්ටිමෙන් කන්නත් එපා ,පාර්ලිමේන්තුවට එන්නත් එපා. මේ ගොබ්බයො කාවද මේ රවට්ටන්නේ?

:       0       0

කිරි පුතා Wednesday, 19 January 2022 09:53 AM

එහෙම කළාම ඡන්ද ලැබෙයි කියලා හිතනව ඇති. ඕනම කුණු ගොඩක් සුවඳයි කියලා පක්ෂ විතරක් බදාගෙන ඉන්න පටු ආකල්ප සහිිත ජනතාවට නම් ඔය වගේ දේවල් හරි රසයි

:       6       10

fairoos Wednesday, 19 January 2022 12:08 PM

බයියෝ නම් රාජපක්ෂලාගෙන් ඕනදෙයක් ඉල්ලාවි.

:       1       3

BamunuarachchiThursday, 20 January 2022 08:53 AM

හමබයෝ බලාගෙන ඉන්නේ සජබයෝ ජෙප්පෝ ඔක්කොම දේවී කියලා.

:       0       0

BamunuarachchiThursday, 20 January 2022 08:56 AM

අන්න බෝට්ටුව මෙන්න ගම්මිරිස්ස් යන්න තොලොන්චිවෙලා

:       0       0

Surain Wednesday, 19 January 2022 12:57 PM

ජනතාව වෙනුවෙන් ඔබලාට කරන්න තිබුණේ ඕක නෙමෙයි. ඔහු බොරු කියන වෙලාවේදීම සබාගැබෙන් පිටව යාමයි.

:       1       5

Sujeewa Wednesday, 19 January 2022 02:57 PM

මේවා මාධ්‍ය සංදර්ශන...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site