IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ උත්සාහයක්

(ජනත් ද සිල්වා)

කතරගම කඳසුරිදුගම ප්‍රදේශය ආසන්නයේ පිහිටි වන ජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් යාල වනෝද්‍යානය මායිම්ව ඇති රක්ෂිත ඉඩමක් අනවසරයෙන් අල්ලා ගැනීමට කිසියම් පිරිසක් උත්සහකරන බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

දේශපාලඥයකුගේ මැදිහත්වීම මත කිසියම් කණ්ඩායම් විසින් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කරන බව ප්‍රදේශවාසීහු කියති.

වන අලින් සහ වන සතුන් සැරි සරන මෙවැනි ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන ව්‍යාපාරිකයින්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක මොවුන් නිරත වන බව ඔවුහු කියති.

ලූණූගම් වෙහෙර ප්‍රදේශයේ රක්ෂිතයක ඉඩම් අක්කර ගණනක් අත්පත් කර ගැනීමට යාමේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ පිරිසක් මෙම ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කරන බවද දැන ගන්නට තිබේ.

කතරගම ගම් උදාව පිහිටි භූමියට ඉදිරිපසින් ඇති යාල වනෝද්‍යානයේ රක්ෂිත මායිම් බිම් කොටස් බොහොමයක් මේ වන විට අනවසරයෙන් එලි පෙහෙලි කර වැට මායිම් සකස් කිරීම් සිදුවන බව එහි ගිය රජයේ නිලධාරින්ට දැක ගන්නට හැකි වු බව කියයි.

කතරගම කදසුරිදුගම ගලහිටිය පාරේ කිලෝමිටර් එකහමාරක් පමණ දුර ගිය විට වෙහෙරකෙම ප‍්‍රදේශයේ සිට සෙල්ලකතරගම දක්වා අක්කර 75 කට වැඩි භූමි භාගයක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට 15 දෙනෙකු පමණ පිරිසක් එම භූමියේ රැදි සිටියි.

‘‘මෙම ඉඩම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අපට ක‍්‍රියාත්මක විමට හැකියාවක් නැහැ. වනජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී අනවසර ඉඩම් අත්පත් කර ගන්නා පිරිස් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දිමට හැකියාව තිබෙනවා‘‘ යැයි සම්බන්ධව කතරගම විශේෂ කාර්ය බලකාය කදවුරේ ස්ථානාධිපති එම. පල්ලියගුරු මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවන බව කතරගම පොලිස් ස්ථානාධිපති එස් යු ඒ ලියනගම මහතා සඳහන් කළේය.



අදහස් (2)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ උත්සාහයක්

ජයක Thursday, 16 April 2020 03:11 PM

මෙවැනි නීතිවිරෝධි ක්‍රියා කෙරෙහි ජනතාව අවදියෙන් සිටීම හොද ප්‍රවනතාවක්... මොකද මේ ක්‍රියාකාරකම් නිසා අමාරුවෙ වැටෙන්නෙත් ගම්වාසින්මයි. දැන් තියෙන්නෙ වන සංරක්ෂණය හා වනජීවි එකේ අය අවදිවන්නයි. පොලිසියයි, ආමි එකයි ඕන වෙලාවක සුදානම්....

:       0       214

shantha Thursday, 16 April 2020 08:31 PM

ගමේ මිනිස්සු එකතුවුනානම් මේ ඉඩම් හොරුන්ව පොලිසියට බාර දෙන්න පුළුවනි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site