IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට-3ක් රෝහලේ

(සමන් පාලිත නානායක්කාර)
 
හල්දුම්මුල්ල කදිරේෂන් ඇල්ල පෙදෙසෙහිදී අද(25) අලුයම වෑන් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
 
මිය  ගොස් ඇත්තේ මඩොල්සිම පදිංචිව සිටි එම්. නාගනාදන් (57) නමැත්තෙකි.
 
කොළඹ සිට පස්සර මඩොල්සිම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථය අධිබලැති විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.වෑන් රථය  ගැටීමෙන් අධිබලැති විදුලි රැහැන් කණුව  ප්‍රධාන මාර්ගය හරහා කඩා වැටීම නිසා එය ඉවත් කරන තෙක්  කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය  එම ස්ථානයෙන්  පැයකට අධික කාලයක් සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි.
 
රෝගී පුද්ගලයෙකු   රැගෙන කොළඹ සිට එන අතරතුරදී රියැදුරුට නින්දයාම හේතුයේ අනතුර වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබ. 
 
අඩි 300ක පමණ ප්‍රපාතයෙහි සිට තුවාලකරුවන් ගෙන ඒම සඳහා හල්දුම්මුල්ල  පොලීසිය ප්‍රදේශවාසීන් සමග මහත් පරිශ්‍රමයක් දැරූහ. 
 
තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව ද රෝහල්  ආරංචිමාර්ග සඳහන් කරයි.  
 
 හල්දුම්මුල්ල   පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට-3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site