IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වන අලියගේ පහර කෑ පුද්ගලයා මරුට

( කේෂර ගුණතිලක)
 
බුද්ධම වරාගම ප්‍රදේශයේ වැවකට මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.
 
 මෙලෙස මියගොස් ඇත්තේ බුද්ධම වරාගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ධර්මදාස (53) නැමති අයෙකි.
 
ඔහු  තවත් පස් දෙනෙකු සමඟ රක්ෂිත වනයේ පිහිටි ප්‍රදේශයක්වූ පුස්ඇල්ඔබ ජයන්ති වැවට මාළු ඇල්ලීමට ගොස් ඇත.
 
තිදෙනෙකු වැවේ මාළු  අල්ලමින් සිටියදී මියගිය අය සහ තවත් අයෙකු වැවේ ඉස්මත්තේ ආහාර පිළියෙල කරමින් සිටියදී  පැමිණි වන අලියෙකු ඔහුට පහරදී ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
 
 ගොවිඳුපුර පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

වන අලියගේ පහර කෑ පුද්ගලයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site