IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


විනිසුරු අර්ජුන ඔබේසේකර හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බව  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) විවෘත අධිකරණයට දැනුම් දුන්නේය.

හිජාස් ඉස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.

එහිදී සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව මෙම පෙත්සම ලබන 14 වනදා ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවන බව ද සභාපති විනිසුරුවරයා තීන්දු කළේය.

මේ බව දැනුම් දෙමින් පෙත්සම සම්බන්ධයෙන්  වගඋත්තර කරුවන් වෙත නොතීසි දන්වා යැවීමට  පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ වරුන්ට දැනුම් දෙන ලදී.


නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති .


පෙත්සමින් සඳහන් කර ඇත්තේ දැනට රැදවුම් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාව සලසා දී නොමැති බවය.

අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ ද ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද පෙත්සමේ වැඩිදුරටත් සදහන් වේ.

ඒ අනුව අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (2)

විනිසුරු අර්ජුන ඔබේසේකර හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වෙයි

Rata Perata Thursday, 10 December 2020 11:48 AM

ආයෙත් මෝඩසේනගේ නඩුවල තිබුණු විහිළු එළියට එනවා වගේ...

:       0       0

69lakshaya Thursday, 10 December 2020 05:51 PM

මෙක 20වැනි සංශෝධනයෙන් පසු කාලයයි. දන්නවනේ තීන්දුව කොහොම වෙන්න ඔනෙද කියලා... ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 539 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site