IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


විනිසුරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ ගන්න නීතිපති නියම කරයි

( +++ මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල යෙදුණු බව කියන විශ්‍රාමික සහ දැනටත් සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂකවරයාට ඊයේ (16) නියම කළේය.

රන්ජන් රාමනායක මහතා විනිසුරුවන් තිදෙනකුට බලපෑම් කරමින් දුරකතන ඇමතුම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස උපදෙස් දුන් බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ලංකාදීපයට පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරින් විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකරනු ලබන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් පැවසූ ජයරත්න මෙනෙවිය ඒ පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා එලෙස නියම කළ බව ද කීවාය.

අධිකරණ බලතල ක්‍රියාත්මක කරන විනිසුරුවරුන්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියටත්, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ටත් බලපෑම් කිරීමෙන් රන්ජන් රාමනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) 2 වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකිරීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය 14 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි.

 

 



අදහස් (5)

විනිසුරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ ගන්න නීතිපති නියම කරයි

Mahee Friday, 17 January 2020 05:32 AM

එතකොට අපට පොලිස්පති කෙනෙක් නැද්ද?

:       1       31

Warnakulasuriya Friday, 17 January 2020 09:02 AM

රංජන් වැනි සාමාන්‍ය ඇමතිවරයෙක්ට අධිකරණයට බලපෑම් කරන්නට හැකිනම් ඊට වඩා බලවතුන්ට කළ නොහැක්කක් නොතිබෙන්නට පුළුවනි. ඉතිහාසයේ එසේ සිදුවී නොමැති බවට කිසිවෙකුට සහතික විය හැකිද? එසේ නම් අධිකරණය ස්වාධීනද දූෂිත නොවන්නේද යන්න අප ඉදිරියේ ඇති ප්‍රශ්නයකි. රංජන්ටත් මේ ගැටළුවම තිබෙන්නට ඇත.

:       1       35

sam Friday, 17 January 2020 09:22 AM

නීතිපති උපදෙස් නොලැබීම නිසා සිය දහස් ගණනක නඩු වසර ගණනාවක් තිස්සේ කල් තබමින් ඉන්නා රටක මේ සිද්ධියට නම් නීතිපති උපදෙස් හැරෙන තැපෑලෙන්ම ලැබිලා.

:       1       25

සමනලී Friday, 17 January 2020 11:10 AM

මොකද මේ නීතිපතිවරයාට කොන්ඩේ කපලා පනාවක් අරන් කොන්ඩේ පීරලා වැදගත්කමට ඉන්න බැරි... හැටි විතරක්...

:       0       0

GuneFriday, 17 January 2020 12:27 PM

සමනලී එහෙම කියන්න එපා. කෙනෙකුගේ හිසෙහි වටිනා යමක් තිබිය යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1670 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site