(විජේරත්න රත්නායක)
කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසකගෙන් තරුණයකුට යාල අභයභූමිය ආශ්‍රිත ගල්ගේ හන්දිය ප්‍රදේශයේ දී දිවියකු පහරදීමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
මෙලෙස දිවි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
නාවලපිටිය ප්‍රදේශයේ පිරිසක් බස් රථයකින් කතරගම වන්දනාවේ යමින් සිටින අතර ගල්ගේ හන්දිය ආසන්නයේ දී එම කණ්ඩායමේ කීපදෙනෙක් ශාරීරික අවශ්‍යතාවයක් සඳහා බස් රථයෙන් බැස තිබේ.
එම අවස්ථාවේ එම තරුණයාගේ ඇඟ මතට එක්වරම වනයේ සිට දිවියෙක් කඩාපැන ඇති තිබෙන බවත් දිවියාගේ පහරදීමෙන් ඔහුගේ බෙල්ල ප්‍රදේශය තුවාල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවතව දිවියන් වර්ධනය වේවා..!!!
තරුණයාගේවත්, කොටියාගේවත් වරදක් නොවන ඉතාම අහඹු සිදුවීමක්... මේ මාර්ගය වැටීඇත්තේ යාල ජාතික උද්‍යානය තුළින්... කොටින්ගේ නිජබිමක්. කොල්ලට මුත්‍රා බරක් හැදිලා කැලේට යන එකත් වරදක් නොවේ. කොටියා බය ගැන්විලා ආරක්ෂාවට පහරදීලා පැනයන්න ඇති...