IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වනජීවි නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන්

(රංජිත් රාජපක්ෂ)                       

වනජීවි නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (24) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

විෂය භාර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී වනජීවි නිලධාරින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සතියක් තුළ විසඳුමක් ලබාදෙන බවට අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව ඒ ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

වනජීවි නිලධාරීන් සිදු කරන රාජකාරී සඳහා පැය 150 කට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉකුත් 20 වැනිදා සිට පැය 8 ක සේවා කාලයක් සිදු කිරීමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබූ අතර  ඉකුත් 21 වැනිදා සිට දිවයින පුරා වනජීවි කාර්යාල වසා දැමීමටද වනජීවි නිලධාරීන් කටයුතු කර තිබුණි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදු වූ අපහසුතාවයන් පිළිබඳව සිය කණගාටුව පල කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

 

 



අදහස් (3)

වනජීවි නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන්

kamal Sunday, 23 February 2020 09:09 AM

වැඩ වර්ජනය තුළින් රට සහ ජනතාව ඇපයට ගන්න මේ අවස්ථාවාදීන්ට යටවෙන නායකයින් අපට ඕන නැහැ.

:       34       51

mihira Sunday, 23 February 2020 11:46 AM

වැඩිවෙලා කළොත් දන්නවනේ වෙනදේ ඉස්සර කෙනා නොවේ...

:       9       0

රසික Sunday, 23 February 2020 01:53 PM

වනජීවී එකේ වැඩ වර්ජනවලින් තැලෙන්නේ ඉතිං කතාකරන්න බැරි අහිංසක සත්තු තමයි...

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site