IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වනජීවි ඇමැති ඇතුළු 24 කට නොතීසි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් 24 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (2) නොතීසි නිකුත් කළේය.

අලි ‐ මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණෙන් එම ගැටුම පවතින ප‍්‍රදේශවල සිටින සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ට ගිනිඅවි දෙදහසක් බෙදාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් අදාළව කරුණු දැක්වීමට අධිකරණයේ පෙනී සිටින්නැයි නියම කෙරිණි.

එලෙස ගිනි අවි බෙදා හැරීමට එරෙහිව ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසී නිකුත් කරන ලදී.

 

මෙම රිට් පෙත්සම ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර  යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම් අමාත්‍යාංශ ලේකම් ජේ.එම්.සී.ජේ.විජේතුංග, කැබිනට් මණ්ඩලය, කැබිනට් ලේකම්  ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර සංගමය සිය පෙත්සමින් සඳහන් කර සිටින්නේ අලි මිනිස් ගැටුම අවම කිරීමේ පියවරක් වශයෙන් යැයි සඳහන් කරමින් එම ගැටුම පවතින ප‍්‍රදේශවල රැඳී සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් වෙත ගිනි අවි 2000ක් බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවයි.

මෙම තීරණයෙන් වන අලින්ට හානි කිරීමේ හැකියාව ඇති අතර අලි ගහණය අඩු කිරීම සඳහා ද හේතුවක් විය හැකි මෙන්ම වනගතව සිටින වෙනත් සතුන්ට ද හානි සිදුවීමේ අනතුරක් පවතින බවද පෙත්සම්කාර සංගමය කියා සිටී.

වන අලි ‐ මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා ගිනි අවි බෙදා දීම වෙනුවට වෙනත් උපක‍්‍රම හෝ උපාය මාර්ග යොදා ගත හැකි කරුණක් යැයිද පෙත්සම්කරු කියා සිටී.

එබැවින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් අගතියක් සිදු වීමට ඉඩකඩ පවතින හෙයින් එකී තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංගමය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම තීරණයට අනුව දැනටමත් අදාළ ප‍්‍රදේශවල සිටින සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් වෙත ගිනි අවිය බෙදා දී තිබේ නම් ඒවා නැවත ලබා ගැනීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ඒ අනුව සියලූ කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණ්‍ය පෙත්සම සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි එහි වගඋත්තරකාර වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 24 දෙනෙකු එරෙහිව නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 



අදහස් (4)

වනජීවි ඇමැති ඇතුළු 24 කට නොතීසි

Devinda Uduwara Monday, 02 March 2020 12:05 PM

මිනිස්සු සත්තුවෙලා... සත්තු මිනිස්සුවෙලා...

:       0       180

Pradeep Monday, 02 March 2020 02:26 PM

දේශපාලකයෝ වැඩ කරන්නේ තමන්ගේ කුඩා මොලේ ඇති ධාරිතාවයට අනුව. ඔයිට වැඩිය දෙයක් මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? නිසි අධ්‍යාපනයක් ඇති අයට පාලන බලය දෙන්න කියන්නේ ඒකයි. සමහරු ඉන්නවා ලොකු උගත්කමක් නැතත් ප්‍රායෝගිකව හිතලා වැඩ කරන්න. මෙයාලට අධ්‍යාපනයයි ප්‍රයෝගික දැනුමයි දෙකම නෑ. ඒ වුණත් ඊළඟ සැරෙත් පාර්ලිමේන්තුවේ.

:       0       710

Wasantha Monday, 02 March 2020 02:38 PM

ගෝඨාභය මැතිතුමනි...! අපි දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔය වගේ අය. එ්ත් ඔබතුමා ඉන්න රජයක මෙහෙම වෙයා කියලා හිතුවේ නැහැ.

:       0       1033

S.PTuesday, 03 March 2020 04:23 AM

දක්ෂ වෛද්‍යවරයෙක් දැක්කම නිට්ටාවට ලෙඩ සුවකරගන්න මිනිස්සු එතනට යනවා, ගෝඨාභය මැතිතුමත් ඒ වගේ කෙනෙක්. නමුත් අපි ඔක්කම ප්‍රශ්න එතුමාට කීවට ඒ ඔක්කොම විසඳගන්න එතුමාට සමහරවිට වෙලාවක් නැති වෙන්න පුළුවන්. මොකද එතුමත් මනුස්සයෙක්. ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැතිවෙයි අලි මිනිස් ගැටුමක් නෑ. අලි මිනිස්සුන්ටත්, මිනිස්සු අලින්ටත් පුදුම විදියට ආදරය කරනවා. මේක පාවිච්චි කරලා මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. කියන්න බොහොම දේවල් තිබුනත් මෙතැන ඒවා ලියන්න බෑ. යම් දවසක එතුමා හමුවූනොත් මේකට සාර්ථක පිළිතුරක් දෙන්න පලුවන්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site