( තිළිණි ද සිල්වා ) 

 
මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද (4)  සිට ලබන 8 වැනිදා තෙක් යළි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
 
මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
 
මැතිවරණයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන 8 වැනිදා සිට යළි ආරම්භ කරන බව ඒ මහතා කීය.
 
ඒ අනුව 8 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 600 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය.
 
ඊට අමතරව ඕස්ට්‍රේලියාව,  සිංගප්පුරුව,  කටාර්,  ඕමාන්,  බහරේන්,   මැලේසියාව , මාලදිවයින සහ ඉන්දියාව ඇතුළු රටවල්වල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.