විනීතා එම් ගමගේ
විදේශ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එහි පළමු පියවර ලෙස දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සදහා අනුමැතිය දීම පමණක් දැනට සිදු කරන බව කාර්යංශයේ නිලධාරියෙක් පැවැසීය.
මේ අනුව කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලය, සියලූම පළාත් කාර්යාල සහ දිස්ත‍්‍රික් කාර්යාලවලින් මෙම ලියාපදිංචිය සිදුකරන බව ද එහි දී විදේශ රැකියාවක නිරතව සිට දැනට ලබා පැමිණ සිටින නැවත රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තු වන අයට එහි දී ප‍්‍රමුඛත්වය ලබා දෙන බව ද හෙතෙම සදහන් කළේය.
රැකියා සදහා කාර්යංශයෙන් සාමාන්‍යයෙන් ඉල්ලා සිටින ලිපිලේඛණ වලට අමතරව දකුණු කොරියාව, ජපානය කැනඩාව, ජර්මනිය, යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ගෙන්වාගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේදී නිරෝධායනයට ලක් කරන බවට එවනු ලබන සහතිකයක් ද ඉදිරිපත් කළ යුතු යැයි එම නිලධාරියා කීය.
මැදපෙරදිග හා අනෙක් රටවල් වලට යාම සදහා ලියාපදිංචිය ඉදිරියේ දී ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය.
විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම කොරෝනා වසංගතයට ශ්‍රීලංකාව ගොදුරුවීම නිසා ඉකුත් මාර්තු 13 වැනිදා නවත්වනු ලැබූ අතර මේ ලියාපදිංචිය ආරම්භ වන්නේ එසේ නවත්වනු ලැබීමෙන් පසුවය.
COMMENTS
අනේ ඔබලගේ ලියාපදිංචිය.... මිනිස්සු පිටරටවල අසරණ උනාම බලනවද ?
ලියාපදිංචිය සල්ලි උපයා ගැනීමට පමණි. ඊට පස්සේ මොනවා වුනාද කියල හොයලා බලන්නේ නැහැ.
මේක හෙන්චයියන්ට රැකියා දෙන්න අටවාගත් තැනක්. මේක වසා දැමිය යුතුය.
මේ ලියාපදිංචියත් වාහනයක් පාරට දාන්න තර්ඩ් පාටි රක්ෂණය කරනවා වගේ වැඩක් තමයි. තමන්ගේ වැඩේ කෙරෙන්න ඕන නිසා කරනවා.
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්නවා බොරුවට.
අර කුවෙට් වල මිනිස්සු දුක් විදිනවා ... මෙ ගොල්ලන් කට්ටිය පටවන්න බලාගෙන ඉන්නවා... සල්ලි කාරයන්ගේ ළමයි විතරයි අන්තිමට ගෙන්නුවෙ. දුක් විදලා හම්බ කරලා සල්ලි යවන කට්ටිය සුම්මා තමයි...
දුක්ජවිඳින ජනතාව ගැන කිසිම හැඟිිමක් නැති තක්කඩි ආණ්ඩුව අපෙන් මංකොල්ලකන සල්ලි වලට අමතරව දහ දුක් විඳල රට පෝෂණය කරන ජනතාවගෙන් එයාර් පෝර්ට් එකෙදිි ගෙලමිරිකා බලෙන් කොල්ල කන සල්ලි ලියාපදිංචිය යන වචනයට මුවාවිි කරන අසික්කිත අනුකම්පා විරහිතව මංකොල්ල කන සල්ලි වල එකතුව රුපියල් කෝටි පහලොස්දාහ ඉක්මවනව එහෙත් අසරන ජනතාව අතිශය දුශ්කර මොහොතකවත් එම අපේම සල්ලි වලින් වත් අපට වියපැහැදම් කරන්න අකමැතියි. එව්වට ඔවුන්ගේ ඇගෙන් ඇටයක් යනව වගේ .... ඔවුන්ගේ මහ එවුන් කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නොමැතිව අතදිග හැර වියදම් කරන්න පසුබට වෙන්නෙ නැහැ.. 2010 තව අතින් වියදම් කරගෙන ඇවිත් චන්දය දෙන්නම කියල ඉල්ලා හිටිනවා ...
අහිංසක මිනිසුන්ගෙන් සල්ලි බලෙන් ගන්න සහ දේසපාලන හෙන්චියන්න්ට රැකියා දෙන්න තමයි මේක පවත්වගෙන යන්නේ.
ලෝකයේ හැම රටකින්ම අසරණයන් ලංකාවට ගෙන්න ගත්තා. මැදපෙරදිග අසරණයන් ඇයි ගෙන්නන්නේ නැත්තේ? මැදපෙරදිග අසරණයන් ගෙන්වුවහොත් විදේශ විනිමය නොලැබෙන නිසාද?
කොලඹ සහ ගම්පහ වහලා.. රට ඉන්න පිරිස් ගෙන්න ගන්න කියලා කෑ ගහනවා... මෙහෙන් රට යන්න ලියාපදිංචි කරන්න එන්නලු.. නාමික ඇදිරිනීතිය කිසිවෙකු මායිම් කරන් නෑ.. දැන් නම් රට්ටුන්ට මෙවා විහිලු වගේ..
මම ඕකට email එකක් දැම්මා... අපි හදිස්සියක් උනොත් මේ රටවල කවද සම්බන්ධ කර ගන්න පුළුවන් කියල. මාසයක් විතර තම පිළිතුරක් නෑ. අපි දුක් මහන්සියෙන් පවුල් වල අය දාලා මේ රටවලට ඇවිත් හම්බ කරන කියක් හරි කඩාගන්න දාපු එකක් විතරයි ඔය. අපිට ඕක නැතිව රටින් එන්න බැරිලු. එහෙම මෙ අය නීති හදල තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා පෙත්සමක් ගහමුද ?
පුදුම කතාවක් යකෝ මෙච්චරකල් ගිය අයගේ ආව අයගේ රෙකොර්ඩ් නැති කාලකන්නි එයාපෝට් එකක්නේ. මැදපෙරදිග ඉන්න උන් ආව ගිය ඉන්න තැන කරන කියන දේ ඔක්කොම ඔවුන්ගේ සිස්ටම් වලින් දන්නවා. එකයි එකෙක්ටවත් හොර කරන්න බැරි ලංකාවට එන කල්ලතෝනි ඉන්දියන් - බංගලි - මාලදිවයින් චීන ඔක්කොම පරයෝ.... ආයේ ගියාද කියලවත් ඔය කියන විදිහට දන්නේ නැහැනේ... ඉතින් ත‍්‍රස්තවාදියෝ ඔක්කොම පදිංචි වෙනවා.. මෙ අයට සිසිටිවී හයි කරන්න යද්දී ඔක්කොම උන් වැඩ වර්ජන කරලා ඒවා එපා කිවුවේ උන්ගේ හොරකම් එළිවෙයි කියලා.. ඒ මදිවට මෙහෙම ජාතික අත්‍යාවශ්‍ය දේකදිවත් රෙකොර්ඩ් එකක් නැත්නම් ගහල පන්නන ඕන... වෙන කිසිම දෙයක් නැහැ ඔක්කොම... ලංකාවේ වැඩි වෙන්නේ ඕකයි... දන්නේ නැහැනේ ආගිය උන් ගැන..
කොරෝනා නිසා අසරණ වූ වෙලාවේ රට ඉන්න අයට කිව්වේ කොරෝනා බෝම්බ කියල. රටට අපිව පිළිකුල් කලා, තාමත් ආණ්ඩුවට කඩේ යන වෙබ්වලින් අපිට බනිනවා සුද්දන්ගේ පස්ස හෝදන හැත්ත කියල. රටට වැඩිම ආදායමක් ගෙනෙන්නේ අපි, අපි ආවෙත් තිබුන ආණ්ඩුවලට කිසිම බරක් නැතිව ඒජන්සි වලට ගෙවාගෙන. අවුරුදු 18 රට ඉන්නේ... එක රුපියලක් ආණ්ඩුවෙන් උදව් කරලා නැහැ. ඔක්කොම ඉවසන්න පුළුවන්. කොරෝනා ප්‍රස්නෙදී සලකපු විදිහ අන්තිම කැතයි...
මට ලියන්න දෙයක් නැත , කලින් කමෙන්ට්ස් දමපු පාඨකයන් අවශ්‍ය සියලු දෙයම ලියා ඇත , නමුත් මෙම මේ ගොල්ල හදන්නේ මැදපෙරදිග මිනිස්සු රවටල විදේශ සේවා ආයතනයේ රක්ෂණය කරලා ලියාපදිංචි කර මුදල් ගරාගෙන , ඔවුන් අමාරුවේ වැටුනහම කිසිම උදවුවක් නොකර පසුගිය මාස දෙකේ කලා වගේ රටට පැමිණීමට බැරි වෙන විදිහට සිමා පනවල නිකන් ඉන්න , ජෙර්මනියේ , ජපානේ , කොරියාවේ සේවයට යන පුද්ගලයන්ගෙනුත් ගරාගන්න , මෙන්න මෙතැනදී තමා විදේශ සේවා එක ඇනගන්නේ. එම රටවල මානුෂික අයිතිවාසිකම් ඉතා ඉහලින් රකිනවා.
මේ ගොල්ල ලංකාවෙන් යන අපිව එහෙට ගන්න ඉස්සෙලා අනිවාර්යයෙන් නිරෝධනය කරන්න කියලා එම රටවලට බල කරනවා, මොවුන්ට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු ලැබේවි , අපේ නිරෝධන කටයුතු අපි කරගන්නම් , ඔබල ඔබලාගේ රටේ වැඩටික කරගෙන යන්න කියලා.
ලංකාවට යන එන කොට අනිවාර්යයෙන්ම නමගම , ලිපිනය යන්නේ කොහේද යන විස්තර කොලයක් පුරවල අගමන් විගමන එකට දෙන්න ඕනේ , ඇත්තටම මේ ලියකියවිලි වලට කුමක්ද කරන්නේ ? හරිනම් රජය සතුව ඔය ඔක්කොම විස්තර පරිගණක ගතවෙලා තිබෙන්නේ ඕනේ , මට පෙනෙන විදිහට මේ ගොල්ල ඔක්කොම අවුල්කරගෙන. නැතිනම් මාර්තු 16 කියන්න ඕනේ නැහැනේ රට ගිහින් පැමිණි සියලු දෙන නැවත ලියාපදිංචි වෙන්න කියලා ?
ලංකාවෙන් යන අයව නිරෝධනය කරන්න කියල වෙන රටවලින් ඉල්ලන්න ලංකාවෙ ලොක්කෝ චීන්නු ලංකාවට ආවාම නිකන්ම යන්න අරිනවා. අනේ අනේ මෙහෙම පාන්ඩුවක්!
කවුද මේ ආයතනයේ ඇමති?