(ඩයනා උදයංගනී)
කොවිඩ් අවදානම හේතුවෙන් රැකියා අහිමිවීමේදීත් අවස්ථාවලදීත් රක්‍ෂණ හිමිකම් ලැබෙන අයුරින් විදේශගත ශ්‍රමිකයින්ට යෝග්‍ය නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්‍ෂණාවරණයක් සලසා දී ඇති අතර එමගින් ශ්‍රමිකයකුගේ මරණයකදී හා ආබාධිත තත්වයට පත්වීමකදී වන්දි ලබාදීම සිදුවුවත්, ශ්‍රමිකයින්ට වැඩබිම්වලදී සිදුවන කාර්මික හා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ, හාම්පුතුන්ගෙන් සිදුවන පීඩා හා හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික හා සෞඛ්‍ය ගැටලු මෙන්ම කොවිඩ් 19 හේතුවෙන් රැකියා අහිමිවීම් ආදියේදී ආවරණයක් නැති බැවින් මෙම තීරණය ගෙන ඇත.
පවතින රක්‍ෂණ ක්‍රමය යටතේ ශ්‍රමිකයකුගේ මරණයකදී රුපියල් ලක්‍ෂ හයක් සහ සහ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්‍ෂ හතරක් වශයෙන් උපරිමයකට යටත්ව වන්දි ගෙවීම් සිදුවේ.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්වය යටතේ සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශයන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව සපයා ගැනීමට හැකි පරිදි ප්‍රසම්පාදන ක්‍රමවේදය වෙනස් කරමින් නව මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
COMMENTS
ගානක් ගන්න වැඩක්...
ඔක්කොටෝම කළින් තමුන්ගේ යැයි සිතාගෙන ඉන්න බල ප්‍රදේශයේ ජනතාවගේ... ආරක්ෂාව ගැනත් සිතා බුද්ධිමත්ව කටයුතු කළොත් හොඳයි නේද?
දැන් අර කලින් දාලා තිබුණු රක්ෂණයෙන් ඒ ජනතාවට මොකක්ද සිදු වුණු සේවය?. මැදපෙරදිග රැකියා කරන අහිංසක හිඟන ජනතාවගේ මුදල් සූරා කන්න නේද ඔය අර අඳින්නේ? අනේ ඇත්තටම මෙහෙම අයටත් මේ ලෝකේ ජීවත් වෙන්න තවමත් ඉර පායනවනේ?
පිළියන්දලට සංචරණ සීමා දැම්මා වගේ තියෙයි එහෙනම්..
තවත් සූරාගෙන කෑමක්...
මගේ යාලුවෙක් කටාර්වලදී වැටිලා පැරලයිස් වුණා. ලංකාවට ඇවිල්ලා රක්ෂණය ගන්න ගියාම කිව්වා රට ඉන්න කොට රක්ෂණය කල්ඉකුත් වෙලා.. ඒ හින්දා මුකුත් කරන්න බැහැ කිව්වා. කවුරු බයිලා ගැහුවත් අන්තිමට අපේ සල්ලි වලින් සැප විඳින්නේ දේශපාලකයෝ.. අපිට හුළං තමයි...
බොරුවේ සීමාවක් තියෙනවා. මේක දැක්කාම අප්පිරියයි.
දැන් දැන් ඉවක් බවක් නැතිව කෝවිඩ්වලින් මැරුණු අයට රක්ෂණ හැදුවොත් හොඳයි වගේ...
මහන්සියෙන් හම්බකරගන්න තුට්ටු දෙකෙන් තවත් කීයක් හරි කඩාගන්න වගෙයි ලෑස්තිය..
අනේ ලොක්කා, අපිට නං මොනවත් එපා. අපි හම්බකරගෙන අපි කන්නම්... අපි බලන් ඉන්නේ පුළුවන් ඉක්මනට ඔයාට කොරෝනා හැදිලා වලපල්ලට යන්නේ කවද්ද කියලා. කාලකන්නි නිසා තමයි අපේ රට ඔය තත්වේ තියෙන්නේ... මොනවා දෙනවා කිව්වත් අන්තිමට ගසකාලා ඇති අන්තිමට.
දැන් හරි වැඩේ දෙන්න හදන්නේ.. බෙල්ලටම දැන් ඔබලාට ඉතිරි වෙලා තියෙන්නේ ඕක විතරයි කරන්නේ. අපි ගන්න එකටත් විදපන්කෝ..
මේ කරන්නේ පට්ටපල් බොරු. කෝවිඩ්ට බැරිද මෙයා ගැන අවධානය යොමුකරන්න.
අලුත් රක්ෂණ නම් එපා.. පුළුවන් නම් එන්නත් කරපු කට්ටිය නිරෝධායනයෙන් අයින් කරලා පෙන්නන්න. ඔට්ටුයි තමුන්නාන්සේට බැහැ.
ඕනෑම පක්ෂයක වැඩිපුරම සිටින්නේ කැස්වටුවන්, නරින්, හිවලුන් සහ දියබරියන්ය. මේත් එවැනිම සත්වයෙකි..
මේක තවත් ගොන් වැඩක්.. අපි ගෙවන රක්ෂණයෙන් අපිට මොනවද ලැබෙන්නේ..? නිකන් බොරුවට කාලකණ්ණින්ට පඩි ගෙවන්න අපෙන් සල්ලි ගන්නවා.