
( තිළිණි ද සිල්වා)
විදෙස් රැකියාවල නිරත ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ මෙම ලාංකික ශ්‍රමිකයින් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
එසේම තවත් ලාංකික ශ්‍රමිකයින් 4800 ක් ඉක්මවූ පිරිසකට එම කාලය තුළ කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් 4600 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.
මැදපෙරදිග කලාපයට අයත් සෞදි අරාබිය , එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය , බහරේන් , කුවේට් , ඔමානය , කටාරය ඇතුළු රටවල් 16 කින් එම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබේ.
මියගිය එම සියලුම ලාංකිකයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙන රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් බවද එම කාර්යාංශ නිලධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd