(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල සුබෝධාරාම මාවතේ විසූ විදේශ රැකියා නියෝජිතවරයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී අලුත්ගම ප්‍රදේශයේ දමා ගිය කණ්ඩාමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
පහරකෑමෙන් තුවාල ලැබූ නියෝජිතවරයා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
නියෝජිතවරයා අලුත්ගම පදිංචි පුද්ගලයෙකු පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ දොළහක මුදලක් ලබාගෙන ඉන්දියාවට රැගෙන ගොස් ඔහුව අතරමං කර ඇති බවත් අනතුරුව මුදල් ඉල්ලීමේදී එය ලබානොදුන් බවත් මෙම පහරදීමට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මෙයාට ගහලා තියෙන්නේ අසරණය මිනිහෙක්නේ.
"විදේශ රැකියා නියෝජිතවරයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී " රටේ මිනිස්සු හැම විදේශ රැකියා නියෝජිතවරයෙකුම වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දෙන්නේ නැත. මේකා රැකියා දෙන්නම් කියා මහා විශාල වංචාවක් කරන්න ඇති. මොවුන් කරන වංචාවලට පොලිස්සියෙන් නඩු දැමිල්ලක් කරගන්න බැරිය සුදුසුම ක්‍රමය තමයි ඔය කර තිබෙන්නේ. ඉතිරි ටික පසුව කරන්න මගේ සුබපැතුම්.