(ආරියරත්න රණබාහූ)
රජයේ පාසල් වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යාංශය පවසයි.
මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථෘ පුළුල් කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ සඳහා ගුරුවරු 279 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදුකෙරෙන ජාතික පාසල්වල සහ ඉදිරියේ දී විදේශ භාෂා ඉගැන්වීමට යෝජිත ජාතික පාසල්වල 10-11 ශ්‍රේණිවල සහ උසස්පෙළ ශ්‍රේණි සඳහා මෙම ගුරුවරු යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගනිති
සමන් ඔස්ට්‍රලියා Friday, 25 October 2019 10:12 AM
ඔය ගුරුවරු 279 දැන් හොඳම පාසල (කොළඹ ) ලගම පාසැල බවට පත් කරාවි.
sharm warn Friday, 25 October 2019 11:08 AM
උපාධිය අදාළ විෂයයට සම්බන්ධ නැත්නම් මේ ගුරු පත්වීම් වලින් හරි ප්‍රයෝජනයක් ලැබෙයිද? නැතිනම් අන්තිමේ මේකත් තවත් ඡන්ද ගුණ්ඩුවක් තමයි වෙන්නේ.
yasikaFriday, 25 October 2019 11:45 AM
මේක ඡන්ද ගුණ්ඩුවක් තමයි. මෑතකදීත් පාසල්වලට ගුරු පත්වීම් ලබා දුන්නා. එයින් මම දන්න එක පාසලක සිංහල ගුරුවරුම 02ක් අතිරික්තව ලබාදී තිබෙනවා. කිසිම සැලසුමක් නැතුව හෙංචයියන්ට රැකියා දෙනවා.
dilhara Friday, 25 October 2019 11:00 PM
වැඩ සටහනක් පටන් ගන්න අනිත් රටවල ගුරුවරුන්ට ලංකාවට ඇවිල්ලා එයාලගේ මව් භාෂාව උගන්නන්න. එහෙම කැමති අය ගොඩක් ඉන්නවා. ස්වේච්ඡාවෙන් උගන්නන්න කැමතියි.
Bamunuarachchi Saturday, 26 October 2019 07:40 AM
විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගත්තාට වැඩක් නැහැ. ඔවුන්ට විදේශ භාෂා දැනුම නැත්නම්. ප්‍රංශ, ජර්මන් භාෂා උගන්වන්න කලින් ඉංග්‍රීසි හරියට උගන්වන්න පුළුවන් ගුරුවරු ටිකක් සොයාගන්න.
Banda Sunday, 27 October 2019 03:54 AM
තවත් ප්‍රෝඩාවක්...