(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස කාර්යංශයේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

එම කාර්යංශයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කමල් රත්වත්තේ මහතා ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරට හතුරුසිංහ මහතා පත්කර ඇත.

විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අතින් හතුරුසිංහ මහතා සිය පත්වීම් ලිපියඅද (08) ලබාගත්තේය.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුරප්පාඩුව පවතින සාමාන්‍යධිකාරි තනතුරට එහි අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යත්තර කටයුතු ) ඩබ්ලිව් එම් එන් වන්සේකර පත් කිරීමට නියමිතය.