
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අද (13) අළුයම සිදුකළ මෙහෙයුමකදී විදේශීය දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.
දුම්වැටි 7200 ක් සහ විදේශීය මත්පැන් බෝතල් 22 ක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වූවන් අතර වරෙන්තුකරුවන් දෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙක් වන බව ඒ මහතා කීය
අලුයම 2 සිට අලුයම 6 දක්වා පැය 04ක කාලයක් කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුම සිදුකළ බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.