(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.
ඇඹිලිපිටියේ දී අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ කීය.
‘ලංකාවේ හොඳම පැඟිරි නිපදවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශය ආශ්‍රිතව. මහින්ද මහත්තයා ජනපති වෙලා හිටිය කාලේ පැඟිරි බෝතලයක් රුපියල් 8000 යි. දැන් 10,000. පැඟිරි තෙල් පිටරටින් ගේන හින්දා පැඟිරි තෙල් මිල බැස්සා කියලා අපි මුලින් හිතුවේ.’
‘රාජ්‍ය ඇමැතිවරයා වුණාට පස්සේ මම මේ ගැන හොයා බැලුවා. කොළොන්න සහ අවට ප්‍රදේශවල පැඟිරි කර්මාන්තයේ 30,000ක් විතර නිරතව හිටියා. මිල පහළ වැටිමත් සමඟ ඒ හුඟ දෙනෙක් පැඟිරි වගාවෙන් සහ කර්මාන්තයෙන් ඉවත් වුණා. මම ඒ අය සමඟ සාකච්ඡා කළා.’
‘මම මගේ අධ්‍යක්‍ෂ ජනරාල්ට මේ ගැන හොයලා බලන්න කිව්වා. හොයලා බලලා එයා කිව්වා, පැඟිරි තෙල් පිටරටින් ගේන්නේ නෑ, ඒ වෙනුවට ආදේශක රසයානියකයක් ගේනවා කියලා. මම වහාම නියෝග කළා ඒ රසායනිකය කුමක්ද කියලා හොයලා බලලා මට වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාව ලැබුණාම ජනාධිපති කියලා එය ගෙන්වන එක වහාම නවත්වනවා. එතකොට පැඟිරිතෙල් වලට හොඳ මිලක් ලැබේවි.’ යැයි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
8000 එකට 10000 ලැබෙනවා නම්, කොහොමද මිල අඩු වෙනවා කියන්නේ?
කලින් තිබ්බ ආණ්ඩුව ගොවියාව නැත්තටම නැති කළ එක තමයි ප්‍රධාන වශයෙන් කළේ... ගිය ආණ්ඩුව පොල්මද රටින් ගෙන්නන්න DC මෝල් හිමියන්ට ඉඩ දුන්නේ පොල් මිල අඩු කරන්න කියලා. නමුත් සිදුවුණේ බාල පොල් මද නිසා පිටරට යවපු DC එම රටවල් ආපසු එව්වා. ඊට පස්සේ අපේ පොල්වලට තිබුණු පිටරට ඉල්ලුම නැත්තටම නැති වුණා. පොල්වතු වලින් පොල් වික්කේ රු 16-18ට අන්තිමට පොල්වගා කරුවන්ට ලාභයක් තියා පොල්වතු නඩත්තු කර ගන්නවත් බැරි වුණා...
අපිත් පැඟිරි ටිකක් වවාගත්තා නම් ගොඩනේ..
පිටරටවලින් ගෙන්වන ලද පැඟිරිතෙල්වල නියම පැඟිරි තෙල් අඩංගු නොවන බවත් එහි පැඟිරි තෙල් වෙනුවට diethyl pthalate නම් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වන බවත් අප විසින් විද්‍යාගාරයක් තුළ කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙය මහජනතාවට දැනුම් දීම උදෙසා අප මාධ්‍ය ආයතනවලටද දැනුවත් කර ඇත. බොහොමයක් බෙදාහැරීමේ නියෝජිතයන් විසින් ලංකාවේ නියම පැඟිරි තෙල් ලෙස බෙදාහරිනු ලබන්නේ මෙලෙස පිටකොටුවෙන් ලබාගන්නා ලද ආනයනික පැඟිරි තෙල්ය..
ලංකාවේ පැඟිරි තෙල් අපනයනය කරන්න ලෝක වෙළඳපලේ මිල සමග තරඟකාරී වෙන්න ඕනේ... සැමවිට ලංකාවේ නිෂ්පාදකයින් හදන්නේ අමාරුකම් කියලා රජයෙන් සහන මුදල් ලබාගන්නයි. සමහර පොල්වතුකාරයින් දැන් පොල් වේලිලා වැටෙන තෙක් ඉන්නවලු. ගහෙන් කඩන පොල්වලයි, වේළුණු පොල්වලයි රසයේ වෙනසක් ඇති බව අපි දන්නා දෙයක්.... ප්‍රමිතියක් නැතිකමේ වරද වෙන්න ඇති...
ඇත්ත. අපිත් පැගිරි වලට හොඳ ගානක් ගත්තා දැන් ඒවා කපන්නේත් නැහැ.
කොළොන්න ප්‍රදේශයට පැඟිරි පැළ බෙදාදෙමින් මුලින්ම පැඟිරි වගාව 1983/ 84 වර්ෂ වල ආරම්භ කරන ලද්දේ හිටපු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද කුලරත්න මහතා සහ ගුණපාල සතරසිංහ මහතායි. මේ ගැන නොදන්න මිනිසුන් බොරුවට කෑ ගහනවා.