(අජන්ත කුමාර අගලකඩ)
නුදුරු අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
විදුලි බල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ.
මෙම බලාගාර 5 න් මෙගාවොට් 1700 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂිතය.
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක බලාගාරයක්ද , ලක්දනව් සමාගම මගින් කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ද්විත්ව බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 500 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද කෙරවලපිටිය මෙගාවොට් 300 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද මේ යටතේ ඉදිකිරීමට යෝජිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාස්ති කිරීමට කාලයක් නොමැත. දැනටමත් අපි ප්‍රමාද වැඩියි !. කරුණාකර මෙම වසර තුළ අවම වශයෙන් එක් විදුලි බලාගාරයක්වත් නිම කිරීමට හැකි ඉක්මනින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න ! ....
ගල් අඟුරු බලාගාර ලෝකයේ තුරන් වෙමින් පවතින්නේ. අර පරිසර අධිපති නෝනා මහත්තය කීවා වගේ කෝ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා ගස් කෝලන් කෝ. ඉන්දියාවත් , චීනයත් දැන් තම වේගයෙන් සුර්ය සහ සුලන් බල ශක්ති වලට පරිවර්තනය වෙමින් සිටිනවා.
ඒකනම් හොඳ වැඩක් ප්‍රයිවට් අයගෙන් ගිනි මුදලට මිලදී ගන්නවට වඩා.
මේවා තමයි රටට කෙරන්නේ ඕනේ. මෙහෙම වචනයක්වත් යහපාලකයෝ කීවේ නැහැ.
මුලින්ම සුදුසු නිවාසවල වහල කුලියට ගෙන සෝලා පැනල් හයි කරන්ඩ. ඉන්පසු නිවාස හිමියාට පැනල් කොටස් වශයෙන් මිලදී ගැනීමට හා එම මුදල් රජයට ලැබෙන ආදායමත් සමඟ හිලවු කර ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්ඩ.
ඇයි අපි තවමත් අපේ රටට ගැලපෙන සුර්ය බල ශක්තිය හෝ මුහුදු රල මගින් බල ශක්තිය නිපදවා ගැනීම ගැන උනන්දුවක් දක්වන්නේ නැත්තේ. පුද්ගලික මට්ටමින් (නිවාස වලට හෝ කුඩා කර්මාන්තවලට) සුර්ය කෝෂ සවිකර ගන්න කැමති අයට අඩුම තරමින් බදු සහනයක් හෝ ලබා දී ඔවුන්ව දිරිමත් කරනවා නම්. වෙනත් බොහෝ මෙම කලාපයේ රටවල් මේ ගැන ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අවධියක අපි තවමත් ගෑස්, ගල් අගුරු සහ ඛනිජ තෙල් මතම යැපෙනවා..
සුර්ය බල ශක්තිය හෝ මුහුදු රල මගින් බල ශක්තිය විතරක් පාවිච්චි කරලා ලංකාවටම කරන්ට් එක දෙන්න පුළුවන් කියලා හිතන කට්ටිය මේ කොනට එන්න. ලංකාවේ දවල්ට විදුලි පරිභෝජනය අඩුයි. රෑට වැඩියි. ඒක නිසා සුර්ය බල ශක්තිය විතරක්ම භාවිත කරන්න බෑ. එකයි ගෑස්, ගල් අගුරු සහ ඛනිජ තෙල් අවශ්‍ය.
අපි දන්නා විදියට ජල විදුලිය ගන්නේ රාත්‍රී කාලවල ප්‍රයෝජනයට. ඉතින් දවාලේ පුළුවන් තරම් සුර්ය බලයට යොමු වුන කියල හානියක් නැහැ නේද? එහෙත් බල පද්ධති සමතුලනය කිරීමේ ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙනවා. ඒකට තමා විදුලි බල මණ්ඩලේ ඔය තරම් ලොකු ඉංජිනේරුවෝ කන්දරාවක් ලොකු පඩියකට ඉන්නේ.
කිසියම් කෙනෙක් කියන පමාවෙන් දෙයක් පිළිගන්න එපා. සූර්ය බලය සුලන් බලය ලැබෙන ආකාර අපට පුරෝකථනය කරන්න අමාරුයි. එමගින් විදුලි බල පද්ධතියේ සංඛ්‍යාතයේ සිදුවෙන විචලනය පාලනය කරන්න වෙනම තාප හෝ ජාල විදුලි බලාගාර එම ධාරිතවයෙන්ම අවශ්‍ය වෙනවා. (විදුලිය නොකප සිටීමට) බැටරි සමග සුර්ය කෝෂ මෙයට විකල්පයක් උවත් මෙහි මිල තවමත් වැඩියි. පරිසර හානිය ගැන මෙහි වැළලෙන ජනතාව හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් පරිභෝජනය නවත්තලා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නවත්තන්න හිතන්නේ නෑ. මොකද මේ වෙලාවට තමා ඔය කියන අලුත් බලාගාර ඕන වෙන්නේ. මේ වෙලාවට සුර්ය බලේ නෑනේ. ඒ නිසා අපි දැනුවත් වෙමු. දැනුමෙන් කතා කරමු.
වැඩ බැරි කොට පොලව ඇදයි...
මෙන්න වැඩ මේ අවුරුදු 5 න් කරලා පෙන්වන්න. නැතිනම් අරයා සනීපාරක්ෂක තුවා බෙදන්න පටන් ගනීවි. බෙදුවට නම් කමක් නැහැ, රෑට රෑට බලන්න අවොත් තමයි...
ලංකා විදුලිබල මණ්ඩලය මංකොල්ල කන හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද ?
"මෙයා සනීපාරක්ෂාව ගැන ඕනෑවට වඩා හිතන කෙනෙක් වගේ. "සනීපාරක්ෂාව ගැන නොහිතන අයත් ඉන්නවා. මෙතන සනීපාරක්ෂාව ගැන කියන්නේ ඒක සජිත්ගේ අවසාන පොරොන්දුව නිසා. රටින් කෑලි දෙන ඒවා රහසිගත පොරොන්දුනේ...