Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
(අජන්ත කුමාර අගලකඩ)
නුදුරු අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
විදුලි බල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ.
මෙම බලාගාර 5 න් මෙගාවොට් 1700 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂිතය.
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක බලාගාරයක්ද , ලක්දනව් සමාගම මගින් කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ද්විත්ව බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 500 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද කෙරවලපිටිය මෙගාවොට් 300 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද මේ යටතේ ඉදිකිරීමට යෝජිතය.
Devendra Tuesday, 18 February 2020 07:19 PM
නාස්ති කිරීමට කාලයක් නොමැත. දැනටමත් අපි ප්‍රමාද වැඩියි !. කරුණාකර මෙම වසර තුළ අවම වශයෙන් එක් විදුලි බලාගාරයක්වත් නිම කිරීමට හැකි ඉක්මනින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න ! ....
Reply : 0 35
vidya Tuesday, 18 February 2020 11:03 PM
ගල් අඟුරු බලාගාර ලෝකයේ තුරන් වෙමින් පවතින්නේ. අර පරිසර අධිපති නෝනා මහත්තය කීවා වගේ කෝ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා ගස් කෝලන් කෝ. ඉන්දියාවත් , චීනයත් දැන් තම වේගයෙන් සුර්ය සහ සුලන් බල ශක්ති වලට පරිවර්තනය වෙමින් සිටිනවා.
Reply : 54 145
saradiyel Wednesday, 19 February 2020 03:42 AM
එහෙම කලොත් කොහොමද ගල් අඟුරුවලින් කොමිස් ගහන්නේ.?
Reply : 15 119
saradiyel Wednesday, 19 February 2020 01:20 AM
ඒකනම් හොඳ වැඩක් ප්‍රයිවට් අයගෙන් ගිනි මුදලට මිලදී ගන්නවට වඩා.
Reply : 0 24
Bamunuarachchi Wednesday, 19 February 2020 01:57 AM
මේවා තමයි රටට කෙරන්නේ ඕනේ. මෙහෙම වචනයක්වත් යහපාලකයෝ කීවේ නැහැ.
Reply : 373 315
ජෝසප් පෙරේරා Wednesday, 19 February 2020 02:10 AM
මුලින්ම සුදුසු නිවාසවල වහල කුලියට ගෙන සෝලා පැනල් හයි කරන්ඩ. ඉන්පසු නිවාස හිමියාට පැනල් කොටස් වශයෙන් මිලදී ගැනීමට හා එම මුදල් රජයට ලැබෙන ආදායමත් සමඟ හිලවු කර ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්ඩ.
Reply : 0 112
Pradeep Wednesday, 19 February 2020 02:45 AM
ඇයි අපි තවමත් අපේ රටට ගැලපෙන සුර්ය බල ශක්තිය හෝ මුහුදු රල මගින් බල ශක්තිය නිපදවා ගැනීම ගැන උනන්දුවක් දක්වන්නේ නැත්තේ. පුද්ගලික මට්ටමින් (නිවාස වලට හෝ කුඩා කර්මාන්තවලට) සුර්ය කෝෂ සවිකර ගන්න කැමති අයට අඩුම තරමින් බදු සහනයක් හෝ ලබා දී ඔවුන්ව දිරිමත් කරනවා නම්. වෙනත් බොහෝ මෙම කලාපයේ රටවල් මේ ගැන ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අවධියක අපි තවමත් ගෑස්, ගල් අගුරු සහ ඛනිජ තෙල් මතම යැපෙනවා..
Reply : 24 183
saradiyel Wednesday, 19 February 2020 03:16 AM
එහෙම කරොත් ගල්අඟුරු වලින් කොමිස් ගහන්නේ කොහොමද.?
Reply : 15 91
saman Wednesday, 19 February 2020 03:24 AM
සූර්ය බලය සුලන් බලය වගේ බලශක්ති ප්‍රභව වලටත් ආවේනික ප්‍රශ්න තියෙනවා. සූර්ය බලය මෙගා වොට් 100 කට අක්කර 250 ක පමණ ඉඩම් අවශ්‍යයි. දිනයේ සෑම වෙලාවකම සූර්ය බලය නොමැති නිසා මසකට ලබාගත හැකි ශක්ති ප්‍රමාණය ගිගා වොට් පැය 12 පමණයි. එල් එන් ජි බලාගාරය එමෙන් 5-6 ගුණයක ශක්තියක් ලබාදෙනවා. ඉඩම් අක්කර 250 හොයා ගැනීමත් ලංකාවේ ප්‍රශ්නයක්. වගා කල හැකි ඉඩම් සූර්ය බලාගාරයකට යට කිරීම අපරාධයක්. ඉඩම සොයගත්තත් එතන ග්‍රිඩ් සම්බන්ධතාවය නැත්නම් සූර්ය බලාගාරය ඉදි කිරීම ගැටළුවක්. සූර්ය පැනල වල ආයු කාලය වසර 25 පමණි. ඉන්පසු මේවා නොදිරන කසල බවට පත් වේ. අපට හිතෙන හිතෙන තැන් වල සුලන් බලාගාර ඉදි කරන්න බැහැ. ලංකාවේ සුලන් බල ශක්‍යතාවය හොදින්ම තියෙන්නේ වයඹ වෙරල තීරයේ. නමුත් මේවටත් අර ඉඩම් ප්‍රශ්න වගේම පරිසර ප්‍රශ්න (උදා: කුරුල්ලන්ගේ සංක්‍රමණ මාර්ග අවහිර වීම) බලපානවා.
Reply : 159 212
Sanath Kandy Wednesday, 19 February 2020 03:53 AM
මේකට විසදුම විශාල ජලාශ මත පාවෙන සුර්ය පැනල ඉදි කිරීමයි. මේ මගින් ජලාශවල ජලය වාෂ්ප වීමද වලක්වාගත හැකියි. වික්ටෝරියා, රන්දෙනිගල, ගල්ඔය වැනි ජලාශ ආශ්‍රිතව ජල විදුලි බලාගාර පිහිටුවා ඇති බැවින් අතිරේක වියදමකින් තොරව ප්‍රධාන විදුලි බල පද්ධතිය සමග සම්බන්ධ කිරීමේ හැකියාවක්ද තිබෙනවා. එහෙත් කවදාවත් මෙවැනි පරිසර හිතකාමී දේවල් අපේ රටේ සිදුවෙන්නේ නැහැ. ඔක්සිජන් වල වටිනාකම දන්නේ නැති පාලකයෝ මේවා තේරුම් ගන්නේ නැහැ.
0 2
Pradeep Wednesday, 19 February 2020 05:23 AM
එම නිසා තමයි මම යෝජනා කළේ පෞද්ගලික මට්ටමින් තම තමන්ට අවශ්‍ය විදුලිය තමන්ටම නිපදවාගන්න පුළුවන් වන විදියට මේවාගේ ඇති බදු මුදල් අඩුකර සහන දෙන්න කියලා. අපේ නිවාස වල වහලවල් හොදටම ඇති ඒ ක්‍රියාවට. වගා කරන ඉඩම්ම ගන්න ඕන නෑ. කලාපයේ අනිත් රටවල් වලට ගොස් බලන්න. බොහෝ නිවාස වහලවල් වල සුර්යකෝෂ සවිකරලා තියෙන්නේ. විදි ලාම්පු සදහා විදුලිය ලබා දී තිබෙන්නේත් සුර්ය බලයෙන්. තනි තනි ඒකක විදියට. ඔබ කිව්ව විදියට වසර 25ක් පමණ තමයි මේවල ආයු කාලය. ඕනෑම දෙයක ගැටළු තියනවා තමයි. ඒවාට විසදුම් සොයමින් ඉදිරියට යාමයි කරන්න ඕන. වතුර කොරහේ කිඹුල්ලු දකින මානසිකත්වයෙන් අපි මිදෙන්නේ නැතුව නව ලෝකයට අපිට යන්න බෑ. එතකොට ඔබ කියන්නේ ගල් අගුරු දහනය පරිසර හිතකාමී කියලද ?
0 18
sharm warn Wednesday, 19 February 2020 07:54 AM
මමත් ඔබ කියපු කතාවම කියන්න හැදුවේ. නමුත් බලන්න ඒකට විරුද්ධ වෙන කීයක් ඉන්නවද ?
Reply : 0 1
saman Wednesday, 19 February 2020 08:01 AM
දැනටත් සූර්ය පැනෙල් වලට බදු අය කරන්නේ නැති තරම්. ඒත් මිල තාමත් අධිකයි. දැනට ගෘහස්ත පද්ධති 25000 කට ආසන්න ගණනක් සවි කොට තිබෙනවා. එයින් මෙගා වොට් 250 කට අධික දායකත්වයක් ලබාදෙනවා. ඔබ මේ තොරතුරු ගැන දැනුවත්ද?
Reply : 0 1
sasa Wednesday, 19 February 2020 03:29 AM
සුර්ය බල ශක්තිය හෝ මුහුදු රල මගින් බල ශක්තිය විතරක් පාවිච්චි කරලා ලංකාවටම කරන්ට් එක දෙන්න පුළුවන් කියලා හිතන කට්ටිය මේ කොනට එන්න. ලංකාවේ දවල්ට විදුලි පරිභෝජනය අඩුයි. රෑට වැඩියි. ඒක නිසා සුර්ය බල ශක්තිය විතරක්ම භාවිත කරන්න බෑ. එකයි ගෑස්, ගල් අගුරු සහ ඛනිජ තෙල් අවශ්‍ය.
Reply : 65 133
lalithm Wednesday, 19 February 2020 04:12 AM
අපි දන්නා විදියට ජල විදුලිය ගන්නේ රාත්‍රී කාලවල ප්‍රයෝජනයට. ඉතින් දවාලේ පුළුවන් තරම් සුර්ය බලයට යොමු වුන කියල හානියක් නැහැ නේද? එහෙත් බල පද්ධති සමතුලනය කිරීමේ ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙනවා. ඒකට තමා විදුලි බල මණ්ඩලේ ඔය තරම් ලොකු ඉංජිනේරුවෝ කන්දරාවක් ලොකු පඩියකට ඉන්නේ.
Reply : 0 2
DD Wednesday, 19 February 2020 05:44 AM
කිසියම් කෙනෙක් කියන පමාවෙන් දෙයක් පිළිගන්න එපා. සූර්ය බලය සුලන් බලය ලැබෙන ආකාර අපට පුරෝකථනය කරන්න අමාරුයි. එමගින් විදුලි බල පද්ධතියේ සංඛ්‍යාතයේ සිදුවෙන විචලනය පාලනය කරන්න වෙනම තාප හෝ ජාල විදුලි බලාගාර එම ධාරිතවයෙන්ම අවශ්‍ය වෙනවා. (විදුලිය නොකප සිටීමට) බැටරි සමග සුර්ය කෝෂ මෙයට විකල්පයක් උවත් මෙහි මිල තවමත් වැඩියි. පරිසර හානිය ගැන මෙහි වැළලෙන ජනතාව හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් පරිභෝජනය නවත්තලා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නවත්තන්න හිතන්නේ නෑ. මොකද මේ වෙලාවට තමා ඔය කියන අලුත් බලාගාර ඕන වෙන්නේ. මේ වෙලාවට සුර්ය බලේ නෑනේ. ඒ නිසා අපි දැනුවත් වෙමු. දැනුමෙන් කතා කරමු.
Reply : 0 57
liyanage Wednesday, 19 February 2020 07:00 AM
වැඩ බැරි කොට පොලව ඇදයි...
Reply : 0 2
Bamunuarachchi Wednesday, 19 February 2020 07:09 AM
මෙන්න වැඩ මේ අවුරුදු 5 න් කරලා පෙන්වන්න. නැතිනම් අරයා සනීපාරක්ෂක තුවා බෙදන්න පටන් ගනීවි. බෙදුවට නම් කමක් නැහැ, රෑට රෑට බලන්න අවොත් තමයි...
Reply : 2 0
dee Wednesday, 19 February 2020 08:45 AM
අවුරුදු 4 ක් පහක් බැරි ඒවා මාස 3 න් කරන්නේ කොහොමද ? අනෙක බජට් එකක් නැතුව දැන් යන්නේ. එජාප වහල්ලුන්ට මොනා වෙලාද මේ ?
2 0
Bamunuarachchi Saturday, 22 February 2020 03:01 AM
කරයි? යුද්දෙකුත් ඉවරකරලා. අධිවෙගී පාරකුත් කළ නොරොච්චිකොඑ විදුලිබලාගාරයකුත් කරලා, හම්බන්තොට වරායකුත් කරලා, මත්තල ගුවන් තොටුපලකුත් හදලා. පාසල්වලට විද්‍යාගාරත් හදලා දුන්නේ අවුරුදු 8 හලෝ හලෝ අවුරුදු 8 න්... යහපාලකයින්ට මහින්ද රටට කරපුදෙවල් බලාගන්නත් අවුරුදු 4 1/2ත් මදිවුණා.. ඒ කාලේ කොහෙද හිටියේ අම්මා ගාවද? තාත්තා ගාවද?
0 0
ass charya Wednesday, 19 February 2020 10:29 AM
පොහොට්ටු වහලුන්ට දැන් කියන්න දෙයක් නැතුව නං දොඩවනවා.
Reply : 0 2
ට්‍රාන්ස්ෆෝමර් හොරා Wednesday, 19 February 2020 07:35 AM
ලංකා විදුලිබල මණ්ඩලය මංකොල්ල කන හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද ?
Reply : 0 1
Bamunuarachchi Saturday, 22 February 2020 03:06 AM
"මෙයා සනීපාරක්ෂාව ගැන ඕනෑවට වඩා හිතන කෙනෙක් වගේ. "සනීපාරක්ෂාව ගැන නොහිතන අයත් ඉන්නවා. මෙතන සනීපාරක්ෂාව ගැන කියන්නේ ඒක සජිත්ගේ අවසාන පොරොන්දුව නිසා. රටින් කෑලි දෙන ඒවා රහසිගත පොරොන්දුනේ...
Reply : 0 0