(බිඟුන් මේනක ගමගේ)
අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීම වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයකු විසින් විදේශීය ආයෝජකයකුගෙන් කොමිස් මුදලක් ඉල්ලුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ ආයෝජනයේ දේශීය නියෝජිතයා වන සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරුන් කැඳවා ඊට අදාළ තොරතුරු ලබා ගෙන ඇත.
සිය ආයෝජන ව්‍යාපෘතියට අදාළව ලංකා ආයෝජන මණ්ඩලයට සැපයූ ආයෝජන යෝජනාව, මූලික සැලසුම්, නිෂ්පාදන ක්‍රියාවලිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කළ පැමිණිලිවල පිටපත් ආදිය මෙසේ අල්ලස් කොමිසමට ලබා දුන් බව සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිකලස් ශ්‍රීමාල් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට මතු වූ බාධාකිරීම් සම්බන්ධයෙන් සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගම ජනාධිපතිවරයාට පැමිණිලි කළ අතර ජනාධිපතිවරයා විසින් ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැනුම්වත් කරනු ලැබිණි.
මෙම විමර්ශනය සිදුවන්නේ ඒ අනුවය.
COMMENTS
අනේ සුජී ඔය ෆෝන් එක දෙන්න ළමයෙකුට
මේ නියෝජ්‍ය ඇමති වරයා හිතනවා ඇති ඔහු කරන පැහැදිලි කිරීම් පිලිගන්න ජනතාව හරක් කියල. කලිනුත් ලක්ෂ තිස්පහක් අරගෙන බැදුම්කරේ හොරකමක් නෙවෙයි කියල පොතක් ලිව්වා. පස්සේ කියනවා ඒක මගේ සපෝටර් කෙනෙක් අරගෙන මාරු කරලා තියෙන්නේ මම නම් දන්නේ නැහැ කියලා. දැන් කියනවා මේ ව්‍යාපෘතියෙන් කොමිස් මුදල් ඉල්ලුවේ නැතිලු. ඒ සමාගමට මොලේ අමාරුවක් ඇති නිකම් කියන්න. විරුද්ධ පැත්තේ දේශපාලකයෙක් කිව්වනම් හිතන්න පුළුවන් මඩ ගහන්න කියනවා කියල. දැන් අපට හිතාගන්න පුළුවන් ඔය කව්රු කවුරුත් ඇමතිකම් අරගෙන ගහන ගැහිලි. මුන් දෙගොල්ලොම පරම්පරා ගානකට ජනතා මුදල් ගසා කාල ඉවරයි.
අපි පරම්පරාවෙන්ම සල්ලි කාරයෝ අපේ තාත්තට බෙන්ස් කාර් තිබුණා අපි ඉස්කෝලේ ගියේ ඒකෙන් අපිට හොරකම් කරන්න ඕනා නැහැ පොඩියට කොමිස් පාරක් ලැබුණා නම් හරි මහා බැංකු ගේම් එකෙන් වගේ.
ඇමතිවරයා විදේශ අයෝජකයගෙන් කොමිස් ඉල්ලා සිටියා නම් ඒ ඇමතිවරයාට දඬුවම් කළ යුතුයි... ලංකාවට විදේශ අයෝජකයින් නොපැමිණීමට ප්‍රධාන හේතුවක් නම් දේශපාලකයින්ගේ අල්ලස් ඉල්ලීමයි. මේ දේශපාලකයින් විසින් ව්‍යාපෘති සඳහා අල්ලස් ඉල්ලන හිඟන සංස්කෘතිය මේ රටින් තුරන් කළ යුතුයි. එමෙන්ම, යුරෝ බිලියන 5 ක ආයෝජනයක් යයි කියන සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ විශ්වාසනීයත්වය ගැනත් සොයා බැලිය යුතුයි.
දැන් අර මිනිහට හාර්ට් ඇටෑක් එ්වි... අම්මා කිව්වා වගේ කොමිස් එක අරන් දේශපාලනයෙන් අයින් වෙන්න ඉඩ දෙන්න.
මේ ලිපියේ තියන විස්තරය අනුව මේ කොමිස් ඉල්ලීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසමට කියලා තියෙන්නේ රටේ ජනාධිපතිවරයා. එ්ක හොඳ ප්‍රවනතාවක්. අල්ලස, දූෂණය නැති කරන්න අවංකවම වුවමනාවක් තියනවා නම් ජනාධිපතිවරයා කෙලින් සිටිය යුතු අතරම ක්‍රියාවෙන් තමන්ද දූෂිත නොවිය යුතුය... කිසිමවිටක තම වන්දිභට්ටකම් කරන ඇමැතිවරුන් හෝ නිලධාරීන් කරන හොරකම් දිහා බලන්ඉන්නේ නැතුව වහාම දඬුවම් කළයුතුය. ගෝඨාභය මහතා ගැන යම් විශ්වාසයක් තිබුණත් මහින්ද මහතා නැවත බලය ඉල්ලන්නේ නම් මේ ප්‍රතිඥාව ජනතාව හමුවේ තැබිය යුතුය.
කථාව නම් දෝලාවෙන්.
කාට හරි කියන්න පුළුවන්ද දේශපාලනයේ පිරිසිදු එක චරිතයක් හරි ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා... ගොඩක්ම දේශපාලනයෙන් හම්බ කරපු අය අරන් තියෙන්නේ නැව් සහ වෙන රටවල දේපල... දේශපාලනයේ ඉන්න ප්‍රසිද්ධ හොරුන්ට වැඩිය ගොඩක් දරුණු අහිංසක හොරු... රටේම සල්ලි චොමිස්වලින් අරගෙන වැදගත් විදියට ඉන්නවා...
ඇයි දෙයියනේ මෙච්චර ලස්සනට තිබුණු අපේ රට කාබාසිනියා කරන කාලකන්නි නරුම රැලකට අපි නැවත නැවතත් බලය දෙන්නේ...? අපේ මිනිස්සුන්ට මොලේ කලඳක්වත් නැද්ද රටට ආදරය කරන පාලකයින් පිරිසකට බලය ලබා දෙන්න...?
පැහැදිලි දඩුවමක් නැතුව මේ කිසිම දෙකින් අපිට ගොඩ එන්න බැහැ.
රටට මේ කරන විනාශයන් නතර කරන්න නම් ගරු ජනාධිපති තුමා ගරු අගමැති තුමා තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි... එවිට ඉදිරියට මෙවැනි දුෂණ සම්පුර්ණයෙන් නතරකරගත නොහැකි වුවත් පාලනය කරගත් හැක.
මෙම සමාගම ආයෝජන මංඩලයට එවා ඇති අයදුම්පත බැලුවහම තේරෙයි මේක අසම්පූර්ණ අයදුම් පතක් බව. ආයෝජන මංඩලය ආපසු අසා ඇති තොරතුරැ කිසිවක් සමාගම සපයා නැහැ. කොහොමද එතකොට අනුමැතිය දෙන්නෙ?