
(යොහාන් භාසුර)
රටතුළ දැනට පවතින පැයක විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 4 ක් දක්වා වුවද ඉහළ යා හැකි බවත් විදුලි නිෂ්පාදනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබාදී තිබූ ඉන්ධන අද අවසන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙක් නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් විදුලි ඉංජිනේරුවන් 500 ක් පමණ අද ලෙඩ නිවාඩු දැමූ බව කී එම නිලධාරියා ජනතාවට සහ රටට බලපෑමක් නොවන ආකාරයට මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බව ද සඳහන් කළේය.
ඉන්ධන ප්‍රශ්නය සහ ඉංජිනේරු සංගමයේ විරෝධය හේතුවෙන් විදුලිය අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් කඩාකප්පල් කාරී ක්‍රියාවන්වල නිරත වන්නේ හොරා කෑමට ඇති අවස්ථා ඇහිරේ යැයි යන බියෙන් විය හැකියි. ඔතන කවුරුත් සුදු චරිත නෑ. රට හැමදාම පස්සට යන්නේ මේ මිනිසුන් ගෙ ක්‍රියාවනුත් එකතු වෙලයි
එහමනම් ජනාධිපතිගේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්ෂණික ක්‍රයාත්මක වෙනවා වගේ.
විදුලි අර්බුධයට විදුලි බල මණ්ඩලයේ ඔ=ඉන්න සේවකයෝත් 50% ක් වග කියන්න ඕනේ..ඒකේ ආදායමට වඩා වියදම වැඩියි.ජල විදුලිය දැන් දැවී තෙල් විදුලිය බවට හැරිලා තියෙන්නේ.කොහොමද >ජලාශ හිඳිලා ගොඩ වෙලාද?සේසතම වියදම් කරලා හැදුවේ දකුණු ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් වගේ වහසි බස් කියාගෙන.කෝ අද රටේ විදුලි පරිභෝජනයවත් ගොඩ දාගන්න බැරිව ඉන්නේ?අපි අපේ ලයිට් බිල් ගෙවන්නේ නැතුව හිටියද?නැහැ නේ ?එහෙනම් මේ ආයතනය පාඩු ලබන්නේ කවුරු නිසාද?අන්තිමේ අපි බිලත් ගෙවලා තව කලුවරෙත් ඉන්න වෙලා
මදි ,තවත් කපන්න
ඊළඟ අවුරුදු 3 ත් අඳුරේම ගෙවන්නයි යන්නේ .මේ ආණ්ඩුව රටට සාපයක්