(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදුලි උපකරණ තුළ සඟවා ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් 780,000ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් සතුව තිබී රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උදුන් දෙකක්, ජංගම දුරකථන පහක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
එම විදුලි උපකරණ තුළ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක්ද සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරුවෝ මිනුවන්ගොඩ, හොරණ සහ මූණමල්දෙනිය පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(01) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
කරුණාකර මෙම පාදඩයන්ගේ නම්ගම් ලිපිනයන් මෙන්ම ඡායාරූපද ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. "එමගින් සුළුවෙන් හෝ "මෙම අනාගත පරපුර විනාශ කරන මෙවන් ක්‍රියාවන් වළකාගතහැකි බව අපගේ අදහසයි. නම් ගම් ලිපිනයන් ප්‍රසිද්ධ වීමෙන් මෙම කාලකන්නින්ට කෙසේවෙතත් මෙම බූරුවන්ගේ අහිංසක දෙමාපියන් ඥාතින් අඹුදරුවන්ටද ලැජ්ජාවන් සිදුවෙන බැවින් එමගින් හෝ මේවා අඩුකර ගත හැකි නොවන්නේද?
මේ නිකම් දෙකයි පණහෙ මිනිස්සු. පසු බිමේ ඉන්න දේශපාලුවෝ නැත්නම් පොලිස් ලොක්කෝ කවුද කියල හෙලිකල දාට අපිත් පිලිගන්නවා ලංකාවේ නීතියක් තියෙනවා කියල.
පිටිගල මිලානෝගේ අලුත්ම ව්‍යාපාරය මේකද?
කුඩු නම් කොච්චරවත් අහුවෙනවා තමයි. ඉතින් වැඩක් වේ. ඒ කුඩුම වෙනත් අත්වලට මාරුවෙනවා නම්…