
(යොහාන් භාසුර)
දිගු කාලයක් ඉන්ධනවලින් විදුලිය නිපදවීම නිසා භයානක විදුලි අර්බුදයක් රට තුළ මතුව ඇති බවත් එය ඉන්ජිනේරුවන්ගේ අඩුපාඩුවක් බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවසීය.
ජල විදුලිය හෝ වෙනත් ක්‍රියාමාර්ග අතහැර ඩීසල්වලින් විදුලිය නිපදවීමේ අක්‍රමවත් ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව කී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්ධන පිරිමැසීම සහ සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම වහා ආරම්භ කළ යුතු බව ද සඳහන් කළේය.
“කවදාවත් බලාපොරොත්තු නොවුනු වසංගතයක් ලොව වෙලාගෙන ඉන්නවා. පොහොසත් රටවල් පවා මහා අර්බුදයකට මුහුණ දීලා. ජනාධිපතිතුමා ඇතුළු රජය මේ වෙලාවෙ බැලුවෙ, පළමුවෙන්ම ජනජීවිත ආරක්ෂා කරගන්න. ඒ අතරෙ රුසියාව ගැටුමකට මැදිවෙලා. ඒ නිසා ලෝක තෙල් මිල තවත් ඉහළ නගිනවා. අපි තෙල් නිපදවන රටක් නොවේ. අපි පුළුවන් විදියට තෙල් පිරිමසාගත යුතුයි. ගමන් බිමන්වලදි වුණත් අපිට තෙල් පිරිමහගන්න පුළුවන් වෙන විදියට ජීවිතයේ කටයුතු හැඩගස්වා ගනිමු”
රටේ පුළුවන් දේ රටේම, නිපදවා ගනිමු. අපිට නිවස සඳහා සූර්ය තාපයෙන්, සූර්ය පැනල හරහා විදුලිය නිපදවා ගත හැකියි. අතිරික්තයක් තිබුණොත්, අහළ පහළ ගෙවල් සඳහා අලෙවි කරන්න පුළුවන්. මේ සියලු අර්බුද මැද ඉතා ප්‍රවේශමෙන් අනාගතයට මුහුණ දෙන්න වෙනවා. අතට සල්ලි හම්බවුනාම සියල්ල වියදම් නොකර ඉතිරි කර ගන්න”
මාදිවෙල ප්‍රගතිපුර සහ මිරිහාන ගල්වල පාර ආදී ප්‍රදේශ රැසක විහාරස්ථාන සහ මහජන සංවිධානවලට විමධ්‍යගත අරමුදලින්, ජීවනෝපාය, සුබසාධකය ආදි විවිධ කටයුතු සඳහා උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවන්වලට සහභාගි වෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් අඟුරු බලාගාර හදනකොට ඉංජිනේරු සහ තෙල් මාෆියාව විරුද්ධ වුණා. දැන් ගල්අඟුරු කාලේ ඉවරයි. සූර්ය බලශක්ති කාලයත් මගහැරගත්තොත් ඉතින් සොරිම තමයි...
මහ භාණ්ඩාගාරය දෙපැත්ත තරගෙට හිස් කරලා දැන් එනවා පිරිමසා ගන්න කතා කරන්න, බලය රැකගන්න රාජ්‍ය සේවකයෝ ටිකට ඉල්ලන වෙලාවට පඩි වැඩි කරලා දීලා, රටේ අහිංසක මිනිස්සු හිඟන්නෝ කළා...
ඔය මැතිඇමැතිවරු ඉන්ධන භාවිතා කරන එක පොඩ්ඩක් අඩුකරන හැටි කියන්නකෝ... පාර්ලිමේන්තුවේ ඒසි නිවනවාද? නැහැනේ. ඒකේ විදුලි සෝපානය භාවිතය නතර කරනවද? නැහැනේ... එතකොට පාවිච්චි කරන වාහනවල ලීටරයකින් කිලොමිටර් කීයක් යන්න පුළුවන්ද කියලා දන්නවාද..? නැහැනේ. මිනිස්සු මොන කැප කිරීම් කළත් ඒ ඔක්කෝම කාබාසිනියා කරන 225ට පොඩ්ඩක් ඒ දේවල් මතක් කරලා දෙන්න ප්ලීස්...!
කොහෙද සෝලා ගන්න ඔක්කෝම ලෑස්ති කරලා තිබ්බේ... ලෝන් එක දෙන එක නවත්තලා... මම අතින් වියදම් කරන් මොකටද කරන්නේ...? මගේ බිල කොච්චර සුළු වුණත් මාත් බැලුවේ රටට යමක් කරන්න... ඒත් ඔයාලාට ඒකට කිසිම වුවමනාවක් නැත්නම් ඩීසල් මාෆියාවට යට නම්...!!!
එයටත් වඩා වගකිව යුතු වන්නේ රට පාලනය කළ උදවියයි..
විදුලිබල මණ්ඩලයේ සියල්ලන් එදා සිට උත්සාහ කළේ පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගෙන කොමිස් මුදල තම සාක්කුවට දමා ගැනීමටයි. උගතුන් යැයි සම්මත අය හොරුන් වූ විට ඉතා භයානකයි. ඔවුන්ගේ දැක්ම රටට සේවය කිරීම නොව තම මඩිය තරකර ගැනීමයි. අද ඒ සියලු පාපී ආකල්ප වල ඵලය රටට ලැබී ඇත...
අනේ මෙයා දන්න සූර්ය පැනල, ඒවා කඩෙන් හාල්, පරිප්පු වගේ අරගෙන වහලේ හයිකරනවා කියලා හිතනවා ඇති. කෝ ණය පහසුකම්...? ඒවාට ටැක්ස් ගහලා මිලවැඩිවෙලා. රජයේ අනුමැතිය ගන්න අමාරුයි. ට්‍රාන්ස්ෆෝමර් හෝල්ඩ් කරලා නිසා සමහර ප්‍රදේශවලට මණ්ඩලයේ අනුමැතිය නැහැ. ඕකයි තත්ත්වය...!
මෙතුමා පාර්ලිමේන්තුවේ කරන කථා තමයි අහන්නම අප්‍රියාවක් ඇතිවෙන්නේ. නමුත් මෙම අදහස හරි. ඇත්තටම සූර්ය බලයෙන් දිවාකාලයේ විදුලිය ලබාගෙන රාත්‍රියේ ජල විදුලිය හෝ වෙනත් ක්‍රමයක් යොදාගතහොත් ඩොලර් අර්බුදයත් තරමකින් හෝ විසඳීමට හැකියාව පවතිනවා..
මුන්දෑ අදයි ඒක දන්නේ.. හීනෙන්වත් කියවනවද...? අනේද කියන්නේ..."ඉංජිනේරුවෝ ඍජුවම". වගකිව යුතු බව මළපොතේ අකුරක් නොදන්නා අපි දන්නේ සෑහෙන කලක සිට බොලව්...
මේක හරියට අර මොනවද බර වුණාම පිට්ටනි හොයනවා වගේ වැඩක්...
වසර 30-40ක් පාර්ලිමේන්තුවේ හිටිය ලොක්කෝ ඊට වඩා වගකිව යුතුයි. රට කරගන්න බැරුව අනික් අය පිට දානවා.
මේ ආණ්ඩුවට කිසිම වගකීමක් නැහැ. හැම එකටම විපක්ෂයයි, ගිය ආණ්ඩුවයි වගකියන්න ඕනේ...
විදුලිබල මණ්ඩලයේ ලොක්කෝම තමයි ගල්අඟුරු මාෆියාවේ, ඩීසල් මාෆියාවේ ඉන්නේ... කලින් විදුලිබල මණ්ඩලේ හිටපු අය තමයි පෞද්ගලික බලාගාර දාගෙන ඉන්නේ... දෙගොල්ලන් එකතුවෙලා බිස්නස් කරනවා. ඒකට පූර්වාදර්ශය දුන්නේ හැමදේම බිස්නස් එකක් කරගෙන ඉන්න දේශපාලුවන් සෙට් එක. කවුරු ආවත් දූෂිත දේශපාලුවන් සහ නිලධාරීන් ඉන්නකන් මේ අවුලෙන් ගොඩ ඒමක් නැහැ...
තියන බලාගාර ටික දුවන්න තෙල් ගේන්න බැරි ආණ්ඩුව විතරයි මේ ප්‍රශ්නෙට වගකියන්න ඕනේ...!