
(රංජන් කස්තුරි)
රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පිළිගත හැකි බොහෝ සාධක ඇතැයි ලංකාවිදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය කියයි.
එම නිසා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව කරුණු හෙළිකර ගන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංවීම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ආචාර්ය එම්.එම්. විජේකෝන් මහතා කොළඹ දී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවදී පැවැසීය.
සාධාරණ පරීක්ෂණයකින් පසුව එය කඩාකපපල්කරී ක්‍රියාවකැයි හෙළි වුවහොත් වගකිව යුත්තන්ට උපරිම දඬුවම් ලබාදිය යුත් බව ද සභාපතිවරයා කීය.
රටපුරා විදුලිය විසන්ධිවීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන අතර විශාල මහජන මුදලක් නාස්තිවීමකැයි ද විජේකෝන් මහතා සඳහන් කරයි.
COMMENTS
ආන්ඩුවේ වැරදි වෙනත් පක්ශේකට දාන්න හදන ලකුනු...
මහජන බදු මුදලින් නඩත්තු වන කිසිම ආයතනයක වෘතීය සමිති පවත්වාගෙන යාම තහනම් කල යුතුයි. මේ අය ආයතනවල වෘතීය සමිති අටවාගෙන කරන්නේ මහජනයා බිල්ලට දී තමන්ගේ "ඉල්ලීම් " දිනා ගැනීමට තැත් කිරීමයි. ඔය අයට තියෙන බොහොමයක් ප්‍රශ්න, පොදුවේ ඔය ආයතන නඩත්තු කරන්ට බදු ගෙවන මිනිසුන්ටත් තියෙනවා.
‘‘විදුලිය බිඳවැටීම කඩාකප්පල් වැඩක්‘‘ හරියටම හරි.. ට්‍රාන්ස්ෆෝමර් විනාශ කළා වගේ...