IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලිය කැපීමෙන් කිරි-මස් නරක්වීමේ අවදානමක්

(සුජිත් හේවාජුලිගේ )

ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගබඩාවල කිරි සහ මස්වර්ග ගබඩා කර තැබීමේ කටයුතුවලටද එක දිගට විදුලිය කැපීම සහ ඉන්ධන හිඟය නිසා බාධා මතුව   ඇතැයි එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.

මේ තත්වය යටතේ  එම ගබඩා පිහිටි  ප්‍රදේශවලට   විදුලිය සැපයීම කැපීමකින්  තොරව අඛණ්ඩව  පවත්වාගෙන යන ලෙසට  විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට තමා කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

විදුලි සැපයීම පැයක් දෙකක් කැපීමෙන් කිරි සහ මස්වලට  බලපෑමක් ඇති නොවන  නමුදු පැය  පහකට වැඩි කාලයක් විදුලිය කැපීමෙන්  ඒවා නරක්වීමේ අවදානමක් මතුවිය හැකි බව  පෙන්වා දෙන සභාපතිවරයා ඉන්ධන හිඟය  නිසා එම ගබඩා සඳහා  විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද ප්‍රශ්නකාරීවී ඇතැයි  සඳහන් කළේය.

එසේම කිරි සහ  මස් වර්ග ප්‍රවාහනයද  ඉන්ධන හිඟය  නිසා  බෙහෙවින් අඩාළවී ඇතැයි මංජුල සුමිත්  මාගමගේ මහතා  ප්‍රකාශ කළේය.

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළවල් 34 ක් රට පුරා ක්‍රියාත්මක වේ. මින් ප්‍රධාන කිරි ගබඩා පවත්වාගෙන යනු ලබන්නේ මැණික් පාලම බෝපත්තලාව සහ රිදියගම  යන ගොවිපොළවල්වලය.

මේ අතර  ගවයන් ඇතුළු  ගොවිපොළ සතුන්ගේ ආහාර සඳහා යොදා ගන්නා  තණකොළ කැපීමට භාවිත කරන තණකොළ කපන මැෂින් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය දැඩි ලෙස බලපා ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

ඩීසල් හිඟය නිසා එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට  සුපිරි ඩීසල් පාවිච්චි කිරීමට සිදුවී ඇති බවත් ඒ සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම ආයතනයේ ආර්ථිකයට  විශාල ප්‍රශ්නයක්වී ඇති බවත්  ඒ මණ්ඩලයේ  නිලධාරීහු පවසති.



අදහස් (1)

විදුලිය කැපීමෙන් කිරි-මස් නරක්වීමේ අවදානමක්

බද්රානි Thursday, 03 March 2022 04:28 PM

පහුගිය කාලේ එදා ඉඳල බිව්ව කිරිපිටි එකපාරටම අලජික් උනානේ අපේ අයියලාට. අර දේශපාලනය කරන දොස්තර මාෆියා කල්ලියේ දේශප්‍රේමී කතා අහල. අන්න ඒ කතා අහලා රැවටුණු අයට මේ නරක් උන එළකිරි දුන්න නම් ඔලුවේ තියන පාචන තත්වය ඉබේටම සුව වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site