
(යොහාන් භාසුර)
විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00 න් පසුව නැවත විදුලි පහන් දැල්වීමට හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන් පසුව විදුලි පහන් නිවා දැමීමට හෝ රජයට යෝජනා කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
ගම්පහ නගරය පැත්තෙ බොහෝ ගම්මානවල ඇති පොදු මාර්ගවල රාත්‍රියට විදුලි පහන් ක්‍රියාත්මක වන්නෙ නැහැ. ගම්පහ ප්‍රාදේශීය සභාවට කිව්වට වීදි ලාම්පු දෝෂ පිළිසකර කරන්නේ නැහැ. ඒ නිසා සොරුන්ට ඉතාම පහසුවෙන් සොරකම් කරන්න පුළුවන්. විවිධ විෂමාචාර දේ සිදු කරන අයටත් කට්ට කළුවර හොඳ උදව්වක්.
රැකියාවන් පසු නිවෙස් වෙත යන්නාවූ බොහෝ පිරිසක් 6.30 සිට රාත්‍රී 11 දක්වා හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල මහජනයා සිටි. ඔවුන්ගේ ආරක්ෂාවට රාත්‍රී 11 වනතුරු හෝ විදුලිය ලබාදිය යුතුවේ අර්බුදවලට විසදුම් දීමට පැමිණි ඇමතිවරු නැති අර්බුද ඇතිකරන රටක්,
ඝර්ම කලාපීය බොහෝ රටවල් උද්‍යාන සහ මාර්ග වල විදුලි පහන් සදහා යොදා ගන්නේ සූර්ය බලය. හිරු එළිය ඉතා හොදින් ලැබෙන අපේ රටේ තවමත් ඒ සදහා වැඩ පිළිවෙලක් නෑ. මෙයාලට තියන එකම විසදුම තමයි කප්පාදුව.
අණතුරු සහ සොර සතුරු ප්‍රශ්න මතුවෙන්න පුලුවන් නිසා ඒ ගැන සිතා බලාවියැයි සිතමු.
මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවෙ සහ රජයේ නිලධාරීන් ගෙ කාර්යාල වල AC ක්‍රියා විරහිත කරන ලෙස
කොහොමත් රට කන අයගේ වැඩ හින්දත් මේ අයගේ වැඩ හින්දත් ස්වභාව ධර්මයා අසතුටු වී ඇත.
මාර්ග පමණක් නොවේ රටම දැන් පවතින්නේ අඳුරේ.
ඥාණක්කාගෙන් අහලා බැලුවොත් නරකද රටට ආලෝකයක් දෙන්න මොනවද කරන්න ඕනේ කියලා...? තවත් හදුන් උයනක් හදලා අනාථ නාථට පූජා කලොත් හරියයිද...?
ඊළඟ අවුරුදු 3ට වැඩ පටන් ගන්නයි යන්නේ...!
අපූරු මොළේ... පාරේ යන එන ජනතාවගේ ආරක්ෂාව ගැන අබමල් රේණුවක තරම්වත් මොළයක් නැති හැටි.. ඊට වඩා නරකද මහා ප්‍රාඥයින් ටික ඉන්නා පාර්ලිමේන්තුවේ ලයිට් කැපුවාම. කෝටි ගණනක මුදල් ඉතිරියක්ද වෙනවා...
හොඳ වෙලාවට මේ රටට ඇඳුම් හිඟයක් නොවේ... එහෙම වුණා නම් මේ අය කියයි නිරුවතින් ඉඳිමු කියලා...!
හෙට අනිද්දා වෙනකොට මුළු රටම අඳුරේ...! ඔයා මුට්ටිදාලා බලන එක තමයි ලැජ්ජා නැතිකම...!
මුලින්ම මැති ඇමතිවරුන්ට සහනදායී මිලට විදුලිය දෙනඑක නවත්තන්න. ආ... තව කීප දෙනෙක් හෙන පොලු තියලා කිව්වනේ..., ඒ අයගෙනුත් අය කරගන්න. ඊට පස්සේ පොදු ස්‍ථාන ගැන බලමු නේද?
ඕක කියන්න ඇමැතියෙක් ඕනෑද? පිස්සු නැතිනම් හොඳයි.
මොලේ උඩ ඉඳන් කියන කතා... ඊට වැඩිය හොඳ නැද්ද දියවන්නාවේ හා දේශපාලුවන්ගේ ගෙවල් වල... විදුලිය කපලා, ආදර්ශයක් දුන්නා නම්...?
මම නම් හිතන්නේ මේ යෝජනාව ගෙනා ඇමතිගේ ගෙදරට සහ ඔහුට අයිති විශාල පරිමාණයේ ගබඩාවලට එහෙම පැය 24ම විදුලි බලය කපලා ඊට පස්සේ ඔහුගේ සගයන්ට මෙන්ම මේ ප්‍රශ්නය ඔඩු දුවන තෙක් වසර ගාණක් තිස්සේ කිසිත් නොකෙරූ වෙබ් එකේ ලොක්කන්ගේ එහෙමත් ලයිට් කපන්න ඕනා කියලා.
කුඩු කොච්චර ඇල්ලුවත් ඇබ්බැහි වෙච්චි කුඩ්ඩන් හැමදාම හොරකමේ යනවා. එහෙමනම් 12 න් පස්සෙ විදුලි පහන් නිවා යලි 5ට දල්වන්න ඕනේ. පොලීසිය දමා මාර්ගවලට ආරක්ෂාව දෙන්නත් වෙනවා. මෙච්චර රට ණයවෙලා තියෙද්දී සංවර්ධන කටයුතු කරන්නේ මොකද කියලා හුඟක් අය හරි අනුමානය කරනවා. ඒත් මේ වෙලාවේ රට වැටුණොත් ඇමතිලාටත් රැකියා නැතිවෙලා පහළම තලයේ ඉන්න ජනතාව කලබල කරන්න ඉඩ තියනවා. ඒ නිසා පාරවල් හැදිල්ල පැත්තක තියලා පුනර්ජනනීය බලය ඇතිකරන්න පටන් ගන්න...