රංජන් කස්තුරි
මේ දිනවල විදුලිබලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෛනිකව අධික විදුලි ඉල්ලුමක් පවතින අතර ජලවිදුලි ජනන හැකියාව ද අඩුවී ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි.
වියලි කාලගුණික තතත්වය හේතුවෙන් ජල විදුලි ජනන හැකියාව 20% කින් පමණ අඩුවී තිබෙන අතර දෛනිකව විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.4 උපරිම තත්ත්වයකට පත්ව තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.
අනවශ්‍ය විදුලිපහන් නිවා දමා සහ හැකිතාක් අවමයෙන් විදුලිය භාවිත කිරිමෙන් රටට විදුලිය ඉතිරිවන අතර විදුලිබිල අඩුවීමක් ද සිදුවේ.
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
346
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි
akila Friday, 08 March 2019 12:47 PM
අරහෙන් මංගල ඇමතිතුමා හැමෝටම ඉලෙක්ට්‍රික් කාර් ගන්නලු, මෙහෙන් මණ්ඩලය කියනවා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නලු...
දිමුත් Friday, 08 March 2019 01:09 PM
අර කෘතිම වැසි වස්සන ව්‍යාපෘතියට මොකද වුණේ...?
ruchi Friday, 08 March 2019 01:46 PM
දැන් මාස 7 කට 8 කට පෙර වාන් දොරටු ඇර ඇර වැඩිපුර තිබෙන වතුර ටික මුහුදට ඇරියා. දැන් කියනවා වතුර නැහැලු. පාර්ලිමේන්තුවේ කාලකන්නි 225ම කිසිම වැඩක් නොකර එකාට එකා කාගනිමින් කාලය කා දමනවා. මෙවැනි දේවල් සැලසුම් සහගත ලෙස කලානම් ලංකාවට කවදාවත් ජල හිඟයක් එන්නේ නැහැ.
කල්පනාSaturday, 09 March 2019 01:43 AM
මාස හත අටකට පෙර නොවෙයි පසුගිය සතියෙත් ජලාශයක වතුර පිටකලා කියල පුවත්පතක තිබුනා අපේ රටේ විදුලිය නිපදවන ජලාශවල ජල පාලනයක් හරියට කරනවානම් මෙහෙම වෙන්න බැහැ නේද? මේ වැඩේටනම් 225 අදාලයි කියන්න බැහැ
ගාමිණී Friday, 08 March 2019 01:59 PM
පසුගිය අවුරුදු 4 1,/2 ටම කිසිම බලාගාරයක් අලුතෙන් සාදන්න බැරිවුණු නිසා වැඩිවන ඉල්ලුමට දෙන්න තරම් විදුලිය උත්පාදනය කරන්න බැරි එක නේද ඇත්ත හේතුව?
lanka Friday, 08 March 2019 03:06 PM
ණය නොවී නැවත අලුතින් විදුලි බලාගාර සදන්නට බැහැ. මීට ඇති හොඳම විකල්පය නම් සුර්ය කෝෂ ප්‍රචලිත කර විදුලිය ජනනය කිරීමයි.
සෙනෙවි Friday, 08 March 2019 05:22 PM
මම අපේ ගෙදර වහලෙ විදුලිය හදල ග්‍රිඩ් එකට දෙනවා. අද යුනිට් 9.6 ක් නිෂ්පාදනය කළා. දවසක ගෙදර පාවිච්චිය යුනිට් 4.5 යි ඉතිරියට රු22 ගානෙ ලැබෙනවා. වියදම රු 470,000.00 යි. විදුලි බිල කෙතරම් වැඩි වුනත් මම බය නැහැ.
RuwanSaturday, 09 March 2019 05:25 AM
අන්න නියම වැඩක්... ආදර්ශමත් පුරවැසියෙක්.. වහින දවස් වලට විදුලිය නිපදවීම කොහොමද?
සමන් Saturday, 09 March 2019 07:06 AM
අනේ අපිටත් විස්තර කියන්න. ගත්තේ කොහෙන්ද? ඔය ගෙදරට AC එහෙම පාවිච්චි කරනවද? ඉලෙක්ට්‍රික් කාර් එකක් තියනවද? වහින දවසට මොකක්ද කරන්නේ? ඔබතුමා කියලා තියන විදිහට නම් ගෙදරට විදුලිය විකුණලා හොයන්න පුළුවන් වගේ.... නියමයි.
සෙනෙවි Saturday, 09 March 2019 08:06 AM
සෝලාර් පැනල් පහක් මගින් තමයි මේක වෙන්නේ... ගාල්ල නගරයට අාසන්න දවස් 365න් වැඩි දවසක් වැඩි වෙලාවක් අව්ව තියෙනවා. දවසම වළාකුළු තිබිලත් යුනිට් පහක් වත් අනිවාර්යයි. දවාලට නිෂ්පාදනය ග්‍රිඩ් එකත් නිවසේ පරිභෝජනය දෙකටම වෙනවා පවර්කට් එකකදී සෑදෙන විදුලිය අපතේ යනවා.. එ්ත් එ්ක විරලයි. කී වොට් 3 ඉන්වර්ටර් එකක් මගින් හැදෙන විදුලිය හරියටම මෙයින් කරන්ට් එක බවට පත්කරනවා. අැත්තටම වැඩේ සාර්ථකයි. මූලික වියදම තමයි වැඩි ණය ගන්න පුළුවන් 8%පොලියට...
aravindaSaturday, 09 March 2019 08:04 PM
රජය කල යුත්තේ පිටරටින් විදුලි බලාගාර සදන්නට ණය ගන්නේ නැතිව, පාරිභෝගිකයින්ට සෝලාර් පැනල් මිලදී ගැනීම සඳහා අඩු පොලියකට බැංකු ණය ලබා දීමයි.
Chathura Saturday, 09 March 2019 02:16 AM
මේ දිනවල පමණක් නොව ඕනෑම වේලාවක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම කල යුතු නොවේද?
Kumar Saturday, 09 March 2019 03:59 PM
මම ඉන්න රටේ මෙවැනි අවස්ථා ඇති වුණාම කියන්නේ අනවශ්‍ය විදුලි උපකරණ අක්‍රීය කරන්න කියා. ඒ විතරක් නොවේ වායුසමනය ඇති නිවෙස්වල උෂ්ණත්වය තව අංශක කිහිපයකින් වැඩි කරන්න කියලා. මේ රටේ විදුලි පද්ධතිය මෙතෙක් බිද වැටී නැත.
chaminda Sunday, 10 March 2019 02:19 AM
තවම බැරි වුනා පීක් ඔෆ් පීක් ඒකක වෙනම ගණනය වන මීටරයක් සවිකරලා, මිල ගණන් දෙකක් යටතේ අයකරන්න,