(රන්න චන්ද්‍රසේන ගමගේ)
මේ වන විට ජල විදුලිබල උත්පාදනය ඉතා සීඝ්‍රයෙන් පහළ වැටී ඇති හෙයින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිචිචි කරන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවසීය.
‘‘මේ වනවිට විදුලිය ලබාදීමට ඩීසල් විදුලි බලාගාර පාවිච්චි කරනවා. එය ඉතා මිල අධික කාර්යයක්. එම නිසා රටේ යහපත ගැන සිතා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ඉතා වැදගත්. කෙසේනමුත් විදුලිය කප්පාදු කිරීමක් කරන්නේ නැතිව අඛණ්ඩව රටට විදුලිය ලබාදෙන්න තමන් උත්සාහ ගන්නවා. පසුගිය අවුරුදු පහ තුළ කිසිඳු විදුලි බලාගාරයක් හදන්න පසුගිය ආණ්ඩුව උත්සාහ කළේ නෑ. ඒ නිසා විදුලි අර්බුදයකට අප මේ වනවිට මුහුණ දී තිබෙනවා.
මේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් වශයෙන් නව විදුලි බලාගාර කිහිපයක් ඉදිරි වසර තුළ ආරම්භ කරනවා. තව අවුරුදු 03ක් ගතවෙන කොට විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න කටයුතු කරනවා.
මේ වසරේ පමණක් රුපියල් කෝටි 1200 ක අලාභයක් විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවෙන බව ගණන් බලා තිබෙනවා. නමුත් අප සහන මිලකට විදුලිය ලබා දෙනවා. මේ වනවිටත් රුපියල් 70ට අඩුවෙන් විදුලිබිලක් හිමිවෙන අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 13ක් මේ රට තුළ ඉන්නවා. ඔවුන්ට අප විදුලිය ලබාදෙන්නේ විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් ලබා ගනිමින්.‘‘ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
ජනතාව කොහොමත් අරපිරිමැස්මෙන් වැඩ කරන්නේ. ඔය 225 නඩේට කියන්න ගෙදර බල්ලාගේ කාමරේත් වායුසමීකරණය කරන අය ඉන්නවනේ... ඒ වගේ කට්ටියට කියන්න පුළුවන් තරම් ජෝගි නටන්න කියලා... නඩේ ගුරාලා, ජනතාවට කියනව පරිස්සම් කරන හැටි... අල්ලක් තරම් කුඩායි රට.., ඒ රටෙනුත් බාගයකට පමණයි විදුලිය තියෙන්නේ, ඒ භාගයටවත් විදුලිය දෙන්න බැරි ගොන් රාලලා ඒ කයිවාරු ගහන්නේ රට සංවර්ධනය කරපු හැටි, කරන හැටි, පාරේ ඇවිදගෙන යන චීනෙක්ට කිව්වා නම් මේ ප්‍රශ්නය මුලුරටටම විදුලිය සපයයි දවසින්..., ඒකට අපේ අයියලා නිදහස ලබාගෙන පැය 24 වගේ රට දිහා බැලුවම ලැජ්ජයි...
මෙහෙ වතුර නෑ.. දැන් එ්කටත් කෙලින්නද හදන්නේ?
විදුලිය පමණක් නොවෙයි තමාගේ මුදල්, වතුර, කාලය, ශ්‍රමය මේ හැමදේම අපතේ යවන්න එපා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.
දැන් වැහැලා වැහැලා ජලාශ පිරී ඉතිරී ගියා.. සියලුම වන දොරටු විවෘත්ත කළා. මේ වතුර කන්දරාවට මොකද වුනේ?
පළමුවෙන්ම ලංකාවේ නිවෙස්වල තිබෙන AC නිවා දමන්න. එසේ කරන්න බැරිනම් තව ටිකක් උෂ්ණත්වය වැඩිකරන්න. ලොකු මන්දිරවල් ඉන්න අය එවැනි දෙයක් කරයිද? ඔය ඩීසල් ගැන කියකොට මට මතක් වුනේ යන්ත්‍ර සවිකරන කොට කිව්වේ එම යන්ත්‍ර ක්‍රියාකරන්නේ බංකර් ඉන්ධනවලින් කියලයි. නැව්වල පාවිචියට ගන්න මෙම ඉන්ධන මිලෙන් අඩුයි. ඒ කතාව ටික දිනකින් අමතක කරලා දැම්මා. මම කියන්නේ සපුගස්කන්දේ තිබෙන ජනන යන්ත්‍ර ගැනයි.
අනේද කියන්නේ? ඔයගොල්ලෝ පත්කළේ නිදහසට කාරණා කියන්න නොවේ. ප්‍රශ්නයට උත්තරයක් ලබාගන්න. ආණ්ඩුවක් විදිහට කාලයේ අවශ්‍යතාවය දැනගන්න ඕනෑ.
ඕක කියන්න නම් රජයක් මොකටද?
මොලේ තියනකොට බලේ නැහැ... බලේ තියනකොට මොලේ නැහැ...! හිටපු විදුලි ඇමති, ඔයාලාගේ මේ කෙනෙක් නේද? එතකොට කියන්න බැරි වුණාද? එදත් ඕක දැන සිටියා නොවේද? කරන්න බැරි නම් ගත්තේ මොකද?.. කියවන්නද?
මේ තටමන්නේ රවී ග්‍රහයා වගේ ගාණක් කපාගන්න වගේ. මේ... අනුන්ට කිය කියා ඉන්නේ නැති දියවන්නා ඔය මඩුවෙන්ම පටන්ගන්නකෝ.. විදුලිය අරපිරිමැස්ම. ඔයාලට අරපිරිමැස්ම ගැන කතාකරන්න පුළුවන්ද රෙද්දක් ඇඳගෙන?
ගිය අවුරුද්දෙ ලෝක වෙලද පොලේ සූර්ය පැනල 40% විතර අඩු වුණා. එ්ත් ලංකාවේ සමාගම් ඒක පාරිභෝගිකයාට අඩු කරන්නේ නෑ. රජය මැදිහත් වී මෙය අඩුකළ යුතුයි.
බලාගෙන ගියාම රන්ජා විතරක් නෙමේ. අහිංසක ජනතාවට තමයි අමාරු බබා...
පාර්ලිමේන්තුවෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට පටන් ගන්න...
හේතුව පහුගිය අවුරුදු 4 කිසිම නව බලාගාර නොතැනීමයි. ඒකට හේතුව ඩීසල් බලාගාර මාෆියාව.
අවුරුදු 5න් පහට ආණ්ඩු මාරුවෙලා දෙගොල්ලො දෙපැත්තට බැනබැන දෙගොල්ලන්ගේ වැරදි කතාකරපු එක විතරමයි අවුරුදු 71 කලේ. දැන් යන විදියට 72 වෙන්නෙත් ඒ ටිකමයි. පහුගිය මාස 6 වැස්සා. නිරපරාදේ ඒ වතුර මුහුදට ගලාගෙන ගියා. නිකමටවත් ඔය 225න් එක්කෙනෙකුටවත් හිතුණද මේ ගලන වතුර වලින් ජලවිදුලිබලය නිපදවන්න පුලුවන්, ඒවාට අවශ්‍ය පියවර මොනවද කියලාවත් හොයලා බලන්න. මෙච්චර හිරුඑළිය තියන රටේ එ්කෙන් හරියට ප්‍රයෝජනයක් අරගෙන තියනවද? පිටරට වලින් මේ වියපෘති වලට ආධාර දෙන්න ආවම 225 තමන් ඉල්ලන කොමිස් මුදල අඩුනම් ඒක අත් හරිනවා. අපිට පරෙස්සමට පාවිච්චි කරන්නලූ. අපි මහජනයා පරෙස්සම් කරපු, කරන හැමදේම කාබාසිනියා කරන්නේ, කලේ ඔය 225 නේ. ඒක නිසා ඔබ සැම ඔය හම්බකරපු, කරන මුදල් ටිකක් මහාභාණ්ඩාගාරයට දීලා දැන්වත් රට හදන්න. නැත්නම් ඔය බයිලා නම් දැන් අපිට තිත්තයි...
ඇයි පසුගිය අවුරුදු 5 තුළ කිසිඳු විදුලි බලාගාරයක් හදන්න පසුගිය ආණ්ඩුව උත්සාහ කළේ නෑ කියලා කියන්නේ? තමන් කැබිනට් ඇමති ධුර දරපු ආණ්ඩුව නේද? ඒ ආණ්ඩුව තුළ වැටුප් ඇතුළු සියලුම වරප්‍රසාද ලබමින්නේ හිටියේ...
වැහැලා වැහැලා සියලුම වැව් පිරිලා ඉතිරිලා ගියා විතරයි. දැන් වතුර නැහැයිලු. මෙතන කුමක් හෝ ගැටලුවක් තියෙනවා. පිරුණු වැව්වල වතුරට මොකද වුණේ? පළමුව මේ ගැන සොයන්න. දැන් උගත් නූගත් භේදයක් නෑ. හැම කෙනාම හොරකමට ඇබ්බැහි වෙලා. අවුරුදු ගණනාවක් හොරකම් කරලා කරලා හොඳටම පුරුදුවෙලා ඉන්නේ...
දැන් වාන් දමලා දවස් කීයද? කෝ මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව...
අනේ මන්දා! මාසෙකට දෙකකට කලින් පිටාර මට්ටමටම වැස්සා කිව්වා. වතුර බහිරවයෝ ගිලිනවද මන්දා...?
රන්ජිත් සියඹලා පිටිය (එ.ජ.නි,ප.) වසර 3යි , රවී කරුණානායක (එ.ජා.ප.) වසර එක හමාරයි, හිටපු කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර කැබිනෙට් එකේ වසර 4යි, බලශක්ති ඇමති ලෙස මාස දෙකයි, මේවට උත්තර දෙන්න...